‘‘දරුවන් රැකබලාගැනීම’’ ගෘහ සේවයෙන් ඉවත් වන ලකුණු.

Sunday, 20 January 2013 - 12:30

%E2%80%98%E2%80%98%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E2%80%99%E2%80%99+%E0%B6%9C%E0%B7%98%E0%B7%84+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94.


ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් මැද පෙරදිග රැකියා සඳහා යැවීමේදී නව නීති හඳුන්වා දීමට විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍යාංශය සූදානම් වනවා. ඒ අනුව විදෙස් ගතවන ගෘහ සේවිකාවන්ගේ අවම වයස් සීමාව අවුරුදු 25 දක්වා ඉහළ නැංවීමට යෝජනා වී ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති අමල් සේනාධිලංකාර පැවසුවේ. ඊට අමතරව රැකියා ගිවිසුමෙන් කුඩා දරුවන් බලාගැනීම ඉවත් කිරීම සහ අදාළ රටේ ඒජන්සිකරුවෙකු සමග ගිවිසුම්ගත වීම අනිවාර්යය කිරීමද එම යෝජනාවලට ඇතුළත්. මෙම යෝජනා සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කරමින් පවතින අතර ඉදිරියේදී අවසන් එකඟතාවයට පැමිණීමට නියමිත බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා ප්‍රකාශ කළේ.

 

කෙසේ වෙතත්, සෞදි අරාබියේදී හිස ගසා මරා දමනු ලැබූ රිසානා නෆීක් වෙනුවෙන් පැවති සර්වාගමික වැඩසටහනකට දවටගහ මුස්ලිම් දේවස්ථානයේදී එක්වෙමින් පසුගියදා විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරාද මෙම නව යෝජනා සම්බන්ධයෙන් අදහසක් පළ කළා.

[MP3]s51762[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories