සැකකරුවෙකු පැ. 48 ක් රඳවා ගන්නවාට විපක්ෂය විරුද්ධයි.

Sunday, 20 January 2013 - 12:55

%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%90.+48+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B6%B3%E0%B7%80%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%92.


පොලීසිය අත්අඩංගුවට ගත් සැකකරුවෙකු රඳවා තබා ගැනීමේ පැය 24 ක කාලය පැය 48  දක්වා දීර්ඝ කිරීමේ නීති සංශෝධනය අනිද්දා පාර්ලිමේන්තුව ඉදිරිපත් කෙරෙනවා. සභානායක අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළේ මීට පෙර මෙය පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබුණත් එය විවාදයට ගැනීම ප්‍රමාද වූ බවයි. ඒ අනුව අඟහරුවාදා ඊට අදාළ සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කලා.

දැනට පවතින නීතිය වන්නේ සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබුවහොත් ඔහු පැය 24 ක් තුළ අදාළ බල ප්‍රදේශයේ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ යුතු බවයි. එම කාලය ඉක්මවා කිසිවෙකු රඳවා ගත හැක්කේ අපරාධ නඩු විධාන සංග්‍රහයෙන් නියම කර ඇති අපරාධ සම්බන්ධයෙන් සැකකරුවෙකු වන්නේ නම් පමණයි.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණද නව සංශෝධන පිළිබඳව දක්වන්නේ දැඩි විරෝධයක්. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මේ පිළිබඳව දැක්වූ අදහසයි මේ.

[MP3]s51770_1[/MP3]

පෙරටුගාමී සමාජවාදී පක්ෂය කොළඹදී අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ සඳහන් කළේ පැය 24 රඳවා තබාගැනීමේ කාලය 48 දක්වා දීර්ඝ කිරීම පිළිබඳව තම පක්ෂය දැඩි විරෝධය පළ කරන බවයි.

[MP3]s51770_2[/MP3]

කෙසේ වෙතත් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත විපක්ෂයේ චෝදනා ප්‍රතික්ෂේප කළා.

[MP3]s51770_3[/MP3]

සැකකරුවෙකු පැය 48 දක්වා රඳව තබාගැනීමේ නීතිය සම්මත කරගැනීම පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය මානව හිමිකම් කොමිසම් සභාවේ කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවාගෙන්ද විමසීමක් කළා.

[MP3]s51770_4[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories