ඕස්ට්‍රේලියාවට යන ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන්ගේ අඩුවක්.

Sunday, 20 January 2013 - 18:43

%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.


අනවසරයෙන්  ඕස්ට්‍රේලියාව වෙත සංක්‍රමණය වන පුද්ගලයන්ගේ අඩුවීමක් මේ වසරේදී දක්නට ලැබෙන බව නාවික හමුදාව පවසනවා. වසරේ ගතවූ කාලය තුළ කිසිදු පුද්ගලයෙකු  ඕස්ට්‍රේලියාවට මුහුදු මගින් සංක්‍රමණය වීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට පත්ව නොමැති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය සඳහන් කළේ. මේ සඳහා  ඕස්ට්‍රේලියාව විසින් සම්මත කරගත් නව සංක්‍රමණ නීති සහ මෙලෙස සංක්‍රමණය වන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා නාවික හමුදාව දියත් කර ඇති මෙහෙයුම් දැඩි කිරීම මීට හේතුවන්නට ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ. පසුගිය පසුගිය වර්ෂයේදී අනවසරයෙන්  ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සාහ දැරීමේදී අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ සංඛ්‍යාව 3000 කට ආසන්නයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories