ලියාපදිංචි දේශපාලන පක්ෂ නාමලේඛනය 31 නිකුත් කෙරේ.

Sunday, 20 January 2013 - 18:47

%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%AF%E0%B7%92%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B7%9A%E0%B6%9B%E0%B6%B1%E0%B6%BA+31+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A.



මෙරට දේශපාලන පක්ෂ වසරින් වසර ලියාපදිංචිය දීර්ඝ කිරීමට අදාළ ගැසට් නිවේදනය මේ මස 31 වැනිදා නිකුත් කිරීමට නියමිත බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය සඳහන් කළා. ඔහු කියා සිටියේ මැතිවරණ පනතට අනුව වත්කම් බැරකම් ප්‍රකාශ සහ වාර්ෂික වාර්තා ලබාදුන් පක්ෂවල නම් 31 වැනිදා ප්‍රකාශයට පත් කරන බවයි. මැතිවරණ පනතට අනුව දේශපාලන පක්ෂ ලියාපදිංචිය වසරෙන් වසර දීර්ඝ කළ යුතුයි. මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා දේශපාලන පක්ෂවලට කරනු ලැබූ දැනුම්දීමකට අනුව එම පක්ෂවල ලේකම්වරුන් ඔවුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ සහ වාර්ෂික වාර්තා මැතිවරණ කාර්යාලයට ලබාදීමට කටයුතු කළා. එහෙත් දේශපාලන පක්ෂ 20 ක් පමණ සිය වාර්ෂික වාර්තා ඇතුලූ වත්කම් ප්‍රකාශ ලබාදීමට මේ මස 31 වැනිදා දක්වා කාලය ලබා දෙන ලෙස මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කර තිබුණා. ඒ අනුවයි මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කරනු ලබන්නේ. බොහෝවිට එක් පක්ෂයක් හෝ දෙකක් නව ලියාපදිංචි පක්ෂ ලැයිස්තුවෙන් ඉවත්වනු ඇති බවයි මැතිවරණ කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.  දැනට මැතිවරණ මහලේකම් කාර්යාලය තුළ දේශපාලන පක්ෂ 64 ක් ලියාපදිංචි වී තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories