තෙල් සහ විදුලිය පාඩුව ගැන ඇමතිවරුන් දෙදෙනෙකු මත ගැටුමක.

Monday, 21 January 2013 - 18:52

%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%AD+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%9A.

ලංකා විදුලිබල මණ්ඩලය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ වනවිටත්, අධික අලාභයක් ලබමින් පවතිනවා. ඒ පිළිබඳව අද (21) යළි කතාබහක් ඇති වුණේ මහජන උපයෝගීතා කොමිසමේ නව වෙබ් අඩවිය විවෘත කිරීමේ අවස්ථාවට එක්වූ නියෝජ්‍ය මුදල් අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම කළ ප්‍රකාශයත් සමගයි.

 

2011 වසරේ බිලියන 94ක අලාභයක් ලබා ඇති ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පසුගිය වසරේ ලැබූ අලාභය ද බිලියන 100 ඉක්මවනු ඇති බවට දැනට ඇස්තමේන්තු ගත කර තිබෙනවා. ඛනිඡ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ ඉන්ධන ආනයනය කරන මිලට වඩා අඩු මිලට විදුලිබල ක්ෂේත්‍රයට සහ පාරිභෝගිකයින්ට ඛනිඡ තෙල් සැපයීම හේතුවෙන් මෙවැනි විශාල අලාභයක් දැරීමට සිදුව ඇති බවයි.

 

මහබැංකුවේ දත්තවලට අනුව 2011 වසරේදී ලංකා විදුලිබල මණ්ඩලය ද රුපියල් බිලියන 25යි දශම 5 ක අලාභයක් ලබා තිබෙනවා. පාරිභෝගිකයින්ට අඩු මිලට විදුලිය සැපයීම හේතුවෙන් මෙවැනි පාඩුවක් දැරීමට සිදුව ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලය ද පවසන්නේ. කෙසේ වෙතත්, ඛනිඡ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්ඩලය මෙරට සංවර්ධනයට බාධාවක් වී ඇති බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම ප්‍රකාශ කළා. එහෙත්, හංවැල්ල ප්‍රදේශයේ අද (21) පැවති උත්සවයකදී අදහස් දක්වමින් විදුලිබල අමාත්‍ය පාඨලී චම්පික රණවක කියා සිටියේ මිල සූත්‍රයක් නොමැතිවීම හේතුවෙන් මෙම ආයතන පාඩු ලබන බවයි. මේ ඒ සම්බන්ධයෙන් ඔවුන් දැක්වූ අදහස්.

 
[MP3]s51848_1[/MP3]

 



 

මෙම තත්ත්වයට විසඳුමක් ලෙස කඩිනමින් සාම්පූර්හි ඉදිකිරීමට යෝජිත ගල්අඟුරු බලාගාරයේ ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කළ යුතු බවයි බලශක්ති ඉංජිනේරුවරයෙකු වන තිලක් සියඹලාපිටිය පවසන්නේ.

 
[MP3]s51848_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories