දේශපාලන පක්ෂයක ලියාපදිංචිය අහෝසියි.

Tuesday, 22 January 2013 - 7:29

%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%9A+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%AF%E0%B7%92%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B7%84%E0%B7%9D%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%92.

මෙරට ලියාපදිංචි දේශපාලන පක්ෂ ලැයිස්තුවෙන් එක්සත් ජාතික විකල්ප පෙරමුණ ඉවත් කිරීමට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය තීරණය කර තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ (21) මුද්‍රණය සඳහා යැවීමට නියමිතව තිබූ බවයි මැතිවරණ මහලේකම් කාර්යාල ප්‍රකාශකයෙකු සඳහන් කළේ. මෙම පක්ෂයේ සලකුණ වන්නේ ගේට්ටුවයි. මැතිවරණ පනතට අනුව දේශපාලන පක්ෂ වසරින් වසර ලියාපදිංචිය දීර්ඝ කළ යුතුයි. ඒ අනුවයි මේ වසරට අදාළව මෙලෙස මැතිවරණ මහලේකම් කාර්යාලයේ ලියාපදිංචි දේශපාලන පක්ෂ ගැසට් මගින් ප්‍රකාශයට පත් කරනු ලබන්නේ. දැනට මැතිවරණ මහලේකම් කාර්යාලයේ දේශපාලන පක්ෂ 64ක් ලියාපදිංචි කර ඇති අතර, එය මෙම තීරණයත් සමග 63 දක්වා අඩුවනවා. මැතිවරණ පනතට අනුව දේශපාලන පක්ෂ වසරින් වසර සිය වත්කම් - බැරකම් ප්‍රකාශ සහ වාර්ෂික වාර්තා ඉදිරිපත් කළ යුතුයි. එහෙත් ලියාපදිංචිය අත්හිටුවීමට තීරණය කර ඇති දේශපාලන පක්ෂයේ සාමාජිකයන් ඊට අදාළ කිසිදු වාර්තාවක් මැතිවරණ මහලේකම් කාර්යාලයට එවා නැහැ. ඒ අනුවයි මෙම අත්හිටුවීම සිදුකර ඇත්තේ. මේ අතර, තවත් දේශපාලන පක්ෂ 20ක් පමණ පක්ෂ ලියාපදිංචියට අදාළ ලිපිලේඛන ඉදිරිපත් කිරීමට කාලය ඉල්ලා තිබෙනවා. මෙම පක්ෂ අදාළ ලිපිලේඛන ලබා නොදුනහොත් මූලික දැනුම් දීමකින් තොරව ඔවුන්ගේ ද පක්ෂ ලියාපදිංචිය අවලංගු කිරීමට ද මැතිවරණ කොමසාරිස්වරයා සූදානම් වන බව සඳහන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories