සිරියාවේ කාර් බෝම්බයකින් 30 දෙනෙකු මරුට.

Tuesday, 22 January 2013 - 7:50

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+30+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.

සිරියාවේ මධ්‍යම හමා ප්‍රාන්තයේ සල්මියේ නුවර ඊයේ (21) සිදුවූ මෝටර් රථ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 30 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ජනාධිපති බෂාර් අල් අසාද්ගේ රජයට පක්ෂපාත සන්නද්ධ කණ්ඩායම් ඉලක්ක කරගෙනයි මෙම බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇත්තේ. එය ත්‍රස්තවාදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් ලෙස සිරියානු රාජ්‍ය ප්‍රවෘත්ති සේවාව සදහන් කළා. මාස 22ක් තිස්සේ පවතින සිරියානු අර්බුදයට විසදුමක් ගෙන ඒම දැන් දුෂ්කර වී ඇති බව අරාබි ලීගයේ ප්‍රධානී නබිල් අල් අරබි ප්‍රකාශ කළේ මේ අතරතුරයි. ජගත් සංවිධාන ආරක්ෂක මණ්ඩලය වහා රැස්වී සිරියාවේ ලේ වැගිරීම් නතර කිරීම සඳහා සටන් විරාමයක් ඇති කරන ලෙස ඔහු ඉල්ලා සිටිනවා. 2011 වසරේ මාර්තු මාසයේ ආරම්භ වූ සිරියානු සිවිල් යුද්ධයෙන් මේ වන විට මිය ගොස් ඇති සංඛ්‍යාව 60,000කට අධිකයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories