මර්වින් වෙනුවට කැළණියට බැසිල්ව ඉල්ලයි.

Tuesday, 22 January 2013 - 7:53

%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.

පුරප්පාඩු පවතින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කැළණිය ආසන සංවිධායක ධුරයට ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ පත් කරන ලෙස ඉල්ලා කැළණියේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන්ගේ සහ භික්ෂූන් වහන්සේලාගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයා වෙත ලිපි දෙකක් යොමු කර තිබෙනවා. කැළණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපිය සම්බන්ධයෙන් පැහැදිලි කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලංකා විජිත කුමාර.

 

[MP3]s51869_1[/MP3]                                                        

 

භික්ෂූන් වහන්සේලා ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති ලිපියට කැලණිය ආසනය තුළ පවතින විහාරස්ථාන 41කින් 37කම විහාරාධිපති හිමියන් අත්සන් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ කැළණිය ශ්‍රී සුගතාරාමයේ විහාරාධිපති කිරින්දේ රේවත හිමියන්.

 

[MP3]s51869_2[/MP3]                                                                     

 

පසුගිය 5 වන දින රාත්‍රියේ වරාගොඩ පිහිටි සිය නිවස ඉදිරිපිට දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කැළණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල වෙඩි තබා ඝාතනය කෙරුණා. සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය මර්වින් සිල්වාගේ සම්බන්ධීකරණ ලේකම්වරුන් දෙදෙනෙකු ඇතුළු තවත් 5 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. මෙම සිද්ධියත් සමග අදාළ ඝාතනයේ වගකීම අමාත්‍ය මර්වින් සිල්වා භාර ගත යුතු බවයි කැළණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළේ. පසුව අමාත්‍යවරයා කැළණිය ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වූ අතර, එය ජනාධිපතිවරයා ද පිළිගනු ලැබුවා. කෙසේ වෙතත්, මෙම සිද්ධිදාමයෙන් පසු අමාත්‍ය මර්වින් සිල්වා පෙරේදා කැළණිය ආසනයේ ජනතාව හමුවූ අතර එහිදී ඔහු මෙවැනි අදහසක් පළ කළා.

 

[MP3]s51869_3[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories