සිය රට කැඳවූ සෞදි තානාපති තවමත් නැහැ.

Tuesday, 22 January 2013 - 12:50

%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%96+%E0%B7%83%E0%B7%9E%E0%B6%AF%E0%B7%92+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.


සෞදි අරාබියේ දී රිසානා නෆීක්ට මරණ දඬුවම ලබාදීමෙන් අනතුරුව එරට ශ්‍රී ලංකා තානාපතිවරයා නැවත දිවයිනට ගෙන්වා ගන්නා බවට විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කර අදට දින 12ක් ගතවනවා. කෙසේ වෙතත්, සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අහමඞ් ඒ. ජවාඞ් මේ දක්වා දිවයිනට පැමිණ නොමැති බවයි වාර්තා වන්නේ.

පසුගිය 10 වන දා නිවේදනයක් නිකුත් කරමින් විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ රිසානා නෆීක්ට මරණ දඩුවම ලබාදීමට අප්‍රසාදය පළ කරමින් සෞදියේ ශ්‍රී ලංකා තානාපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි මව්බිමට කැදවීමට තීරණය කළ බවයි. රිසානා නිදහස් කරන ලෙස ලක් රජය අවස්ථා කිහිපයකදී සෞදි රජයෙන් ඉල්ලීමක් කළත්, ඊට ඔවුන් යහපත් ප්‍රතිචාරයක් නොදැක්වූ බව ද විදේශ ලේකම්වරයා විසින් නිකුත් කළ නිවේදනයේ දක්වා තිබුණා. කෙසේ වෙතත් මේ පිළිබදව පසුගිය 13 වන දා හිරු ප්‍රවෘත්ති අංශය විදේශ ලේකම් කරුණාතිලක අමුණුගමගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ සෞදියේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස වෙනත් අයෙකු පත් කිරීමට ඉදිරියේ දී පියවර ගන්නා බවයි.
 
එහෙත්, දින ගණනාවක් ගත වුවත් සෞදි තානාපතිවරයා මේ දක්වා මෙරටට නොපැමිණීම සම්බන්ධයෙන් අප විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක රොඞ්නි පෙරේරාගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ විදේශ ලේකම්වරයා විසින් සෞදි තානාපතිවරයා වෙත යළි මව්බිමට පැමිණෙන ලෙස දන්වා ලිඛිත දැනුම් දීමක් ද සිදුකර ඇති බවයි. එහෙත් ඔහු නොපැමිණීමට හේතුව තමන් නොදන්නා බව ද විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories