විනිවිද වෙන්න. - විදේශ අමාත්‍යාංශය පිල්ලේට ලියයි.

Tuesday, 22 January 2013 - 12:55

%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%AF+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+-+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B6%A7+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහකොමසාරිස් නවනීදන් පිල්ලේ ජාත්‍යන්තර ජාත්‍යන්තර සිවිල් සේවකයෙකුට උචිත නොවන අයුරින් කටයුතු කරමින් සිටින බව විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළා. එහි වැඩබලන ලේකම් ශෙනුකා සෙනෙවිරත්න මේ බව සඳහන් කළේ හිටපු අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය සිදුකර ඇති ප්‍රකාශයට පිළිතුරු ලෙසයි.

 

දෝෂාභියෝග ක්‍රියාවලිය විනිවිදභාවයකින් තොරව සිදුවූ බවට මානව හිමිකම් කොමසාරිස්වරිය පසුගිය දා ප්‍රකාශ කළා. හිටපු අගවිනිසුරුවරියගේ ස්වෛරීභාවයට එමගින් හානි සිදුවී ඇති බවයි ඇය කියා සිටියේ.

 

කෙසේ වෙතත් එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන විදේශ අමාත්‍යාංශයේ වැඩබලන ලේකම්වරිය, නවනීදන් පිල්ලේ මානව හිමිකම් කොමසාරිස්වරිය සීමාව ඉක්මවා කටයුතු කර ඇති බව අවධාරණය කරනවා. ඇය පසුගිය කාලසීමාව පුරාම ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කරනු ලැබුවා. කෙසේ වෙතත් දෝෂාභියෝග ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජගත්  මානව හිමිකම් කොමසාරිස්වරිය ලිඛිතව දැනුවත් කර ඇති බවයි විදේශ අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් ශෙනුකා සෙනෙවිරත්න සඳහන් කළේ.

 
ශ්‍රී ලංකාව ජගත් සංවිධානය සමග සිදුකරන කටයුතුවලදී විනිවිදභාවයෙන් යුතුව නිරන්තරයෙන් කටයුතු කරනවා. ඒ විනිවිදභාවය ජගත් සංවිධානයෙන් ද ලක් රජය බලාපොරොත්තු වන්නේ සියලූ රටවලට සමානව සැලකීම ඔවුන්ගේ නිවැරදි ප්‍රතිපත්තිය විය යුතු බව නිසයි. කෙසේ වෙතත්, ජගත් මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේගේ ඇතැම් ප්‍රකාශ නිසා ශ්‍රී ලංකාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර පවතින සබඳතාවට හානි සිදුවිය හැකි බව ද විදේශ අමාත්‍යාංශයේ වැඩබලන ලේකම්වරිය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories