ඇමති S.B ගෙන් ඇමති බන්දුලට ආදර්ශයක්.

Tuesday, 22 January 2013 - 19:01

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+S.B+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B6%A7+%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන යන ක්ෂේත්‍රවල විවිධ ගැටළු ඇතිව තිබෙන මොහොතක උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක සහ අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන අධ්‍යාපන අමාත්‍යාංශයේදී අද ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වනු ලැබුවා. මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණේ මේ වසරේ සිට උසස් පෙළ විභාගයට හඳුන්වා දෙන තාක්ෂණ විෂය ධාරව පිළිබඳව කරුණු පැහැදිළි කිරීමටයි. ඒ අනුව 2013 වසරේ සිට උසස් පෙළ අධ්‍යයන කටයුතු විෂය ධාරා 5 ක් යටතේ සිදුවන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියා.

[MP3]s51920_1[/MP3]              

මාධ්‍ය හමුව අමතමින් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක ප්‍රකාශ කළේ තාක්ෂණ විෂය ධාරාව උගත් සිසුන් වෙනුවෙන් විශ්වවිද්‍යාල තුළ අවශ්‍ය පාඨමාලා මේ වනවිට සූදානම් කරමින් පවතින බවයි.

[MP3]s51920_2[/MP3]                             

මේ අතර ලංකා ගුරු සංගමයද කොළඹදී අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මෙහිදී කියා සිටියේ ඉසෙඞ් අගය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව පිළිබඳව අධ්‍යාපන අමාත්‍යවරයා අධිකරණයට අපහාසවන අයුරින් ප්‍රකාශ නිකුත් කර ඇති බවයි.

පසුගිය 16 වැනි දින කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් ඉසෙඞ් ලකුණු අර්බුදය ඇතිවීමට හේතුව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මෙලෙස අනාවරණය කළා.

[MP3]s51920_3[/MP3]                                     

මෙම ප්‍රකාශය අධිකරණයට අපහාස කිරීමක් බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවේදී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් කියා සිටියේ.

[MP3]s51920_4[/MP3]                            

මෙම චෝදනාව සම්බන්ධයෙන් අද පස්වරුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවේදී අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධනගෙන් මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කර සිටියේ අර්බුදය පැවති කාලයේදී නිහඩව සිටියේ ඇයිද යන පැනයද සමගයි.  ඊට අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මෙලෙස අදහස් පළ කළා.

[MP3]s51920_5[/MP3]                

මේ අතර සිසු ගැටුමක් හේතුවෙන් වසා දැමුණු මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය සහ ජාතික තාක්ෂනික ඩිප්ලෝමා ආයතනය තවමත් විවෘත කර නැහැ. ඒවා විවෘත කරන දිනයක් මෙතෙක් ප්‍රකාශ කළ නොහැකි බව විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ඒ.කේ. ඩබ්ලිව් ජයවර්ධන ප්‍රකාශ කළා. විශ්වවිද්‍යාලය සිසුන්ට ආරක්ෂිත ස්ථානයක් බවට පත්වනතුරු වසා දැමූ පීඨ දෙක යළි විවෘත නොකරන බවයි ඔහු කියා සිටියේ. මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරික්ෂණයක් විශ්වවිද්‍යාල පාලනාධිකාරියද ආරම්භ කර තිබෙනවා. ඇතැම්විට එම පරීක්ෂණ අවසන්වන තුරු මෙම පීඨ විවෘත නොවීමට ඉඩ ඇති බවද සඳහන්.

මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සහ ජාතික තාක්ෂණික ඩිප්ලෝමා ආයතනයේ  සිසුන් දෙපිරිසක් අතර පසුගිය 16 වැනිදා රාත්‍රියේ ඇතිවූ ගැටුමකින් සිසුන් 6 දෙනෙකු තුවාල ලැබුවා. ගැටුමෙන් බරපතල තුවාල ලැබූ සිසුන් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ අතර අනෙක් සිසුවා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණ බවයි  පොලීසිය ප්‍රකාශ කළේ.

මොරටුව විශ්වවිද්‍යාලයේ ඇතිවූ සිසු ගැටුම සම්බන්ධයෙන් සිසුන් තුන්දෙනෙකු සහ තවත් පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගත් අතර ඔවුන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර පවතිනවා. ගැටුම පිළිබඳව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක පෙරටුගාමී සමාජවාදී පක්ෂයටද චෝදනාවක් එල්ල කළා.

[MP3]s51920_6[/MP3]                   

එහෙත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර කියා සිටියේ මෙය නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් කරන සිසු ඉල්ලීම් මර්දනය කිරීමේ උත්සාහයක් බවයි.

[MP3]s51920_7[/MP3]                                     

කෙසේ වෙතත් ගැටුමට සම්බන්ධ සිසුන් නිසි පරීක්ෂණයකින් අනතුරුව විශ්වවිද්‍යාලයෙන් ඉවත් කරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක ප්‍රකාශ කරනවා. දියතලාව යුද හමුදා කඳවුරේ පැවැත්වුණු නායකත්ව පුහුණු වැඩමුළුවකට එක්වෙමින් අමාත්‍යවරයා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පිළිබඳවද මෙලෙස අදහස් දක්වා සිටියා.

[MP3]s51920_8[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories