ඇමති ජී.එල්. අද ඉන්දීය අගමැති හමුවේ.

Wednesday, 23 January 2013 - 7:40

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%A2%E0%B7%93.%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.+%E0%B6%85%E0%B6%AF+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A.


දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් අද (23)ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං සමග ද්වීපාර්ශවීය සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ඊට අමතරව අමාත්‍යවරයා එරට විදේශ කටයුතු අමාත්‍ය සල්මන් කුර්ෂිඞ් සමග ද සාකච්ඡා පවත්වනු ඇති බවයි. ඔහු ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස පත්වීමෙන් පසුව අමාත්‍ය ජී.එල්.පීරිස් සමග පවත්වන ප්‍රථම රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාව මෙය වනවා. ඉන්දු - ශ්‍රී ලංකා ආර්ථික සබඳතා කොමිසමේ වාර්ෂික සැසියට සහභාගිවීම සඳහා විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු නියෝජිතයන් කණ්ඩායමක් ඉන්දියාව බලා පිටත්ව ගියේ පසුගිය සඳුදායි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories