පහර කෑ නයි නළඟන රෝහලේ - අරාබි ජාතිකයා අතුරුදන්.

Wednesday, 23 January 2013 - 12:40

%E0%B6%B4%E0%B7%84%E0%B6%BB+%E0%B6%9A%E0%B7%91+%E0%B6%B1%E0%B6%BA%E0%B7%92+%E0%B6%B1%E0%B7%85%E0%B6%9F%E0%B6%B1+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+-+%E0%B6%85%E0%B6%BB%E0%B7%8F%E0%B6%B6%E0%B7%92+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A.

කොල්ලූපිටිය සමාජශාලාවක සිටියදී පසුගියදා අත්අඩංගුවට ගෙන පසුව මුදා හැරුණු නයි නළඟන ලෙස ප්‍රසිද්ධියට පත් නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානි පහරකෑමකට ලක්ව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි සඳහන් කළේ ඊයේ රාත්‍රියේ මෙම සිද්ධිය වාර්තා වූ බවයි. සිද්ධියෙන් තුවාල ලැබූ නයි නළඟනගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළා. ඇය මීට දින කිහිපයකට පෙර අරාබි ජාතික පුද්ගලයෙකු සමඟ වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිවසකට ගොස් තිබෙනවා. එම අරාබි ජාතික පුද්ගලයාගේ පහරකෑමට ලක්වු මෙම කාන්තාව වැල්ලම්පිටිය - මීතොටමුල්ල ප්‍රදේශයේ ගරාජයක් අසල සිටින බවට ප්‍රදේශවාසීන්ගෙන් ඊයේ රාත්‍රියේ පොලිසියට තොරතුරක් ලැබී තිබෙනවා. ඒ අනුව පොලිසිය පැමිණ ඇයව සොයාගෙන ඇති අතර, ඉන් අනතුරුවයි මෙම කාන්තාව රෝහල් ගතකර ඇත්තේ. පහරදුන් අරාබි ජාතිකයා සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරක් වාර්තා වී නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.

කොල්ලූපිටියේ රාත්‍රි සමාජ ශාලාවක නළඟනක් වු නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානි නැමති මෙම තරුණිය පසුගිය වසරේ අගෝස්තු 28 වැනිදා පොලීසිය අත්අඩංගුවට ගත්තේ අන් අයගේ ආරක්ෂාවට තර්ජනයක් වන ලෙස නාගයෙකු ශරීරයේ වෙළාගෙන සිටීම හේතුවෙන්. පසුව සැකකාර තරුණිය රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර ඇය සමග සිටි නාගයා දෙහිවල සත්වෝද්‍යානයට භාරදුන්නා. ඇප ලබාගැනීමෙන් අනතුරුව ඇය නාගයා තමන්ට යළිත් ලබාදෙන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම්ි පෙත්සමක්ද ඉදිරිපත් කළා. කෙසේ වෙතත් ඇයට එරෙහිව කොටුව  මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන නඩුවේදී ඇගේ නීතීඥයන් කළ කරුණු දැක්වීම අනුවයි නාගයා යළි ලබාදීමේ නියෝගයක් නිකුත් කෙරුණේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories