මාතලේ සමූහ මිනීවලේ නවතම පරීක්ෂණ.

Wednesday, 23 January 2013 - 19:17

%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%96%E0%B7%84+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%93%E0%B7%80%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B6%B8+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB.

මාතලේ රෝහල් භූමියෙන් හමුවු සමූහ මිනි වලේ හිස් කබල් සහ අස්ථි කොටස්වල කාල නිර්ණය කිරීම සඳහා අවශ්‍ය වුවහොත් විදේශ විශේෂඥවරුන්ගේ සහය ලබා ගන්නා බව පොලිසිය ප්‍රකාශ කළා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මේ වනවිට දේශීය විශේෂඥවරුන්ගෙන් සහය ලබා ගැනීමට පියවර ගෙන ඇති බවයි.

[MP3]s51998_1[/MP3]                                                  

කැණීම් කටයුතු සිදුවන අවස්ථාවේ හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් මාතලේ දිස්ත්‍රික් අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් ජයසේන පැවසුවේ මෙම අස්ථි කොටස් අයත් කාලවකවානුව දැනගැනීමට විශේෂඥ සහය ලබාගත යුතු බවයි.   

[MP3]s51998_2[/MP3]                                                                     

කැණීම් අතරතුර පළමුව අස්ථි කොටස් හමුවීමෙන් පසු ඒවායේ කාලවකවානුව පිළිබඳ  මාතලේ මහ රෝහලේ පැරණි සේවකයෙකු වන එච්.බී.හේරත් දැක්වූයේ මෙවන් අදහසක්.

[MP3]s51998_3[/MP3]                                                        

මාතලේ රෝහලේ මුළුතැන් ගෙය අසල ජීව වායු ඒකකය ඉදිකිරීම සඳහා කැණීම් ආරම්භ කළේ පසුගිය වසරේ නොවැම්බර් 23 වැනිදායි. එහිදී මිනිස් සිරුරක යැයි සිතිය හැකි අස්ථි කොටස් හමුවුණා. එක්තරා අවස්ථාවකදී අස්ථි කොටස්වලට අමතරව අඟුරු කැබලිද සොයාගත් අතර ඒවා කාබන් පරීක්ෂාවකට යොමු කළා. එහිදී පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව පැවසුවේ මෙම සමූහ මිනීවල පිළිබඳ පුරා විද්‍යාත්මක සමීක්ෂණයක් පැවැත්වීමට තමන් සූදානම් බවයි.

ජනතා විමුක්ති පෙරමුණද මෙම සමූහ මිනීවල පිළිබඳව නිවේදනයක් නිකුත් කළා. ඔවුන් පැවසුවේ මෙය කුමක්ද යන්න විධිමත් පරීක්ෂණයක් කර රටට හෙළිදරව් කිරීම රජයේ වගකීම බවයි.

පසුගිය වසරේ දෙසැම්බර් 02 වැනිදා සිට මෙම පරීක්ෂණවලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද සම්බන්ධ වුණා. මේ වනවිට කළ කැණීම්වලදී හිස් කබල් සහිත අස්ති කොටස් 92 ක් සහ හිස් කබල් රහිත අස්ථි කොටස් 13 ක් සොයාගෙන තිබෙනවා. දැනට සිදුකළ පරික්ෂණවල ප්‍රගතිය ඇතුළත් වාර්තාවක් මේ මස 30 වැනිදා මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories