ඉන්දියාවෙන් ලංකාවට අඛන්ඩ සහය. - ඉන්දීය අගමැතිගෙන් පොරොන්දුවක්.

Thursday, 24 January 2013 - 12:57

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%9B%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9+%E0%B7%83%E0%B7%84%E0%B6%BA.+-+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.


ශ්‍රී ලංකාවට ඉදිරියේදීත්, අඛන්ඩව සහය ලබාදීමට තමන් සූදානම් බව ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං ප්‍රකාශ කළා. දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් සිටින විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස් ඊයේ (23) ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මුණ ගැසුණු අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළ බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ. එහිදී මෙරට ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳව විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡා පවත්වා තිබෙනවා. දැනට ශ්‍රී ලංකාව තුළ ඉන්දියාව විසින් සිදුකර ඇති ආයෝජන කටයුතු ඉදිරියේදී තවදුරටත් වර්ධනය කිරීමට අපේක්ෂා කරන බවයි එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories