උතුරු නැගෙනහිර හමුදා කඳවුරු තවදුරටත්.

Thursday, 24 January 2013 - 18:48

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9A%E0%B6%B3%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A.

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සඳහා උතුර නැගෙනහිර ප්‍රදේශයන්හි දැනට පිහිටුවා ඇති යුද හමුදා කඳවුරු තවදුරටත් පවත්වාගෙන යා යුතු බව යුද හමුදා කාර්ය්‍යන් නිර්ණය කිරීම සඳහා පත් කළ නිලධාරි මණ්ඩල වාර්තාව සඳහන් කළා. යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය මෙම නිලධාරි මණ්ඩලය පත් කළේ උගත් පාඩම් සහ සංහිඳියා කොමිසම් සභා අවසන් වාර්තාවේ නිර්දේශවලට අදාළ යුද හමුදා කාර්යයන් නිර්ණය කිරීමටයි.

 

මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, බ්‍රිගේඩියර් සේනක වික්‍රමරත්න, බ්‍රිගේඩියර් අරුණ වන්නිආරච්චි, බ්‍රිගේඩියර් ජී.වී. රවිප්‍රිය, බ්‍රිගේඩියර් සුරාජ් බංසජයා සහ ලූතිනන් කර්නල් පියල් විජේසිරිවර්ධන මෙම නිලධාරි මණ්ඩලයට අයත්.

 

මෙම නිලධාරි මණ්ඩලයේ වාර්තාව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙත අද (24) පෙරවරුවේ භාර දුන්නා. එම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ ආරක්ෂක ලේකම්වරයා, පුහුණුකිරීම්වලදී ඇමෙරිකාව විසින් මෙරට ඇතැම් හමුදා නිලධාරින්ගේ නම් ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව මෙසේ අදහස් පළ කළා.

 

[MP3]s52047[/MP3]                                       

 

අද (24) භාර දුන් නිලධාරි මණ්ඩල වාර්තාවේ පළමුවෙන්ම සඳහන් වන්නේ අවතැන්වූවන් නැවත පදිංචිය, අත්අඩංගුවට ගත් ත්‍රස්තවාදීන් ප්‍රතිසංවිධානය කිරීම සහ බිම්බෝම්බ ඉවත් කිරීම, යුද හමුදාව දැනටමත් නිමා කර ඇති බවයි. උගත් පාඩම් කොමිසන් සභා වාර්තාවේ ද මෙම කරුණු පිළිබඳව ද අවධානය යොමුකර තිබුණා.

 

කෙසේ වෙතත්, අද (24) භාර දුන් වාර්තාවේ හමුදා විනය නැවත ඇගයීම සඳහා ඊට අදාළ විනය ක්‍රියාපටිපාටිය ආවරණය වන ආකාරයෙන් නව නිර්ණායකයන් සැකසීම සඳහාත් නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා. එමෙන්ම ඒකාබද්ධ මෙහෙයුම් හමුදා සංකල්ප පිළිබඳව ද නිර්දේශ එහි ඇතුළත්. අභ්‍යන්තර යුද්ධයකදී මතුවන සංකීර්ණ ගැටලූවලට මෙන්ම පවත්නා රීති වලට අන්තර්ජාතික මානුෂවාදී නෛතික සංකල්පයන් නිසි පරිදි ඇතුළත් වී නොමැති බවයි වාර්තාව පෙන්වා දෙන්නේ. මේ නිසා නව ගෘහස්ථ රීති පද්ධතියක් නිර්මාණය කළ යුතු බවට මෙයින් නිර්දේශ කෙරෙනවා. දශක 3 ක් පැවති යුද්ධයේදී ශ්‍රී ලංකා යුධ හමුදා සාමාජිකයන්ට දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වයක් නොතිබීම විශාල අවාසියක් බවට පත්වුණා. මේ නිසා රජයේ ත්‍රෛයි භාෂා ප්‍රතිපත්තිය අනුව හමුදාවන්ට දිරි දීමනා ලබාදීම සඳහා ද මෙයින් නිර්දේශ කෙරෙනවා. රණවිරු ගම්මාන පරිපාලනයට යුද හමුදා මූලස්ථානය තුළ සේවා මුක්ත කාර්යයන් වෙනුවෙන් නව අධ්‍යක්ෂ මණ්ඩලයක් ආරම්භ කිරීමට ද යෝජිතයි. පොලිසිය සැමවිටම ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවත්වාගෙන යාමට ද නිලධාරි මණ්ඩල වාර්තාව නිර්දේශ කර තිබෙනවා. එහෙත් ත්‍රස්තවාදය සහ වෙනත් කැරලි කෝලහාලයන් පිළිබඳ පොලිසියේ කාර්යභාරය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය පත් කළ මණ්ඩලයකින් අධ්‍යයනය කළ යුතුයි. යුද හමුදාව භාවිතා කරන ඉඩම් ගැන තොරතුරු පරීක්ෂා කිරීමටත්, ආරක්ෂක හේතුන් මත තවදුරටත් හමුදා භාරයේ තබා ගත යුතු ඉඩම් හඳුනාගැනීමටත් විශේෂ මණ්ඩලයක් පත් කිරීමට නිර්දේශ කෙරෙනවා. එමෙන්ම අදාළ ඉඩම් නීත්‍යානුකූලව අත්පත් කර ගැනීමත් එම ඉඩම් සඳහා වෙළඳපොල වටිනාකම ගෙවීමත්, ඒවායේ හිමිකරුවන්ට විකල්ප ඉඩම් ලබාදීමත්, එම නිර්දේශවලට ඇතුළත්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories