අන්තවාදී ගැටුම් ගැන සෙවීමට තේරීම්කාරක සභාවක්.

Thursday, 24 January 2013 - 19:01

%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%99%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%9A%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

අන්තවාදී , ආගම්වාදී සහ මූලධර්මවාදී ගැටුම් ඇති කිරීමට ඇතැම් කල්ලි උත්සාහ කරන්නේ ද යන්න සොයා බැලීම සඳහා විශේෂ තේරීම්කාරක සභාවක් පත් කරන බව සභානායක අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පාර්ලිමේන්තුවේදී අද (24) ප්‍රකාශ කළා. ඒ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක, නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

 

[MP3]s52050_1[/MP3]             

 

එක්සත් ජාතික පක්ෂය ඊයේ (23) පැවැත්වූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ජාතිවාදය පිළිබඳ ආණ්ඩුවට චෝදනා කළා.

       

[MP3]s52050_2[/MP3]                       

 

ආගම්වාදය සහ මූලධර්මවාදය පිළිබඳ විවිධ ප්‍රවෘත්ති පසුගිය කාලය තුළ රටේ විවිධ ස්ථානවලින් වාර්තා වුණා. බොදුබල සේනා සංවිධානය ද ඇතැම් අවස්ථාවලදී මූලධර්මවාදී ක්‍රියාවන් පිළිබඳ හෙළිදරව් කළ අතර ඇතැම් පුද්ගලයන් නීතිය ඉදිරියට ද පමුණුවා තිබෙනවා. මේ නිසා අන්තවාදී, ආගම්වාදී සහ මූලධර්මවාදී ගැටුම් ඇති කිරීම සම්බන්ධයෙන් සෙවීමට පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කිරීමේ තීරණය පිළිබඳ එම සංවිධානයෙන් ද අප විමසීමක් කළා. මේ ඊට ප්‍රතිචාර දැක්වූ බොදුබලසේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්.

       

[MP3]s52050_3[/MP3]               

 

ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ සභාපති එම්.එන්.අමීන්ගෙන් ද මේ සම්බන්ධයෙන් අප විමසීමක් කළා.

       

[MP3]s52050_4[/MP3]      

 

අද (24) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ද අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කළා.

       

[MP3]s52050_5[/MP3]                                           

 

මේ අතර, ජාතීන් අතර ගැටුමක් ඇතිවීම වැළැක්වීමට දකුණු ඉන්දියානු ජනප්‍රිය සිනමා නළුවෙකු වන කමල් හසන්ගේ ‘‘විශ්වරූපම්’’ සිනමා පටය මෙරට තිරගත වීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකදී ඒ පිළිබඳව ද අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පිළිතුරු ලබා දුන්නා.

       

[MP3]s52050_6[/MP3]                        

 
විශ්වරූපම් චිත්‍රපටය ඉන්දියාවේ තමිල්නාඩුවේ ද මේ වනවිට තහනම් කර තිබෙනවා. ඒ මුස්ලිම් සහ හින්දු බැතිමතුන් අතර ගැටලූ මතුවිය හැකි බවට හේතු දක්වමින්. චිත්‍රපටය මගින් සියලූ මුස්ලිම් ජාතිකයන්, ඉස්ලාමීය ත්‍රස්තවාදී සංවිධානයන්වලට සහය දක්වන්නන් ලෙසට හැගී යා හැකි යැයි ඊට එරෙහි වන්නන් අදහස් දක්වා තිබුණා. මීට අමතරව, කොටි ත්‍රස්තවාදී නායක වේලූපිල්ලේ ප්‍රභාකරන් සහ කමල් හසන් අතට අත දෙන පෝස්ටරයක දර්ශනයක් ද චිත්‍රපටයේ ඇතුළත්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories