රනිල්, සජිත් හමුවක්. - පක්ෂයේ න්‍යාය පත්‍රයට වැඩකිරීමට සජිත් එකඟවෙයි.

Friday, 25 January 2013 - 7:53

%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%2C+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.++-+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BA+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

2013 වසරේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයට සුදුස්සෙකු පත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂ රනිල් වික්‍රමසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (24) පැවැත්වුණා. පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම රැස්වීමේදී නියෝජ්‍ය නායක ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කළ බවයි වාර්තා වන්නේ. එහිදී විපක්ෂ නායකවරයා සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයාට පෙන්වා දී ඇත්තේ පසුගිය වසරේ නියෝජ්‍ය නායක ධුරය දරන අවස්ථාවේදී ප්‍රේමදාස මන්ත්‍රීවරයා අතින් අඩුපාඩු රැසක් පක්ෂයට සිදුවූ බවයි. ඉන් පක්ෂයේ සමඟිය සහ දේශපාලන කටයුතුවලට බාධා එල්ල වූ බව ද විපක්ෂ නායකවරයා පෙන්වා දී තිබෙනවා.

 

ඉදිරියේදී පක්ෂයේ තනතුරක් දරන්නේ නම්, පක්ෂයේ න්‍යාය පත්‍රයට අනුව වැඩකළ යුතු බවයි විපක්ෂ නායකවරයා අවධාරණය කර ඇත්තේ. එසේ නොමැතිනම් තනතුරු දැරීමෙන් වැලකී සිටීම උචිත බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඊට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තමන් ඉදිරියේදී පක්ෂයේ න්‍යාය පත්‍රයට අනුව කටයුතු කිරීමට බැඳී සිටින බවයි. ඒ පිළිබඳ පක්ෂ නායකත්වයට  ඕනෑම පොරොන්දුවක් ලබා දෙන බව ද ඔහු අවධාරණය කර තිබෙනවා. කෙසේ වුවත් පක්ෂයේ නියෝජ්‍ය නායකවරයා පත් කිරීම සම්බන්ධයෙන් ලබන සඳුදා තවදුරටත් සාකච්ඡාවක් පැවැත්වෙන අතර එහිදී අවසන් තීරණයක් ගන්නා බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. ඊට අමතරව පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් කිහිපදෙනෙකුගේ නම් යෝජනා වී ඇති බැවින් ඔවුන් සමඟ ද තමන් ඉදිරි දින කිහිපයේදී සාකච්ඡා කරන බව විපක්ෂ නායකවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories