නාග නළඟන මානසික සායනයකට.

Friday, 25 January 2013 - 12:50

%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C+%E0%B6%B1%E0%B7%85%E0%B6%9F%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%83%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7.

තම අරාබි ජාතික පෙම්වතා විසින් පහරදී රෝහල් ගතකළ නිරෝෂා විමලරත්න හෙවත් නයි නළඟන කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබා ඊයේ පිටව ගොස් තිබෙනවා. එහි ප්‍රකාශිකාවක සඳහන් කළේ ඇයව මානසික වෛද්‍යවරයෙකු වෙත ද යොමුකළ බවයි. ඊට අමතරව ඇයට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත්තේ දින දෙකකට වරක් ජාතික රෝහලේ මානසික රෝගී සායනයට පැමිණ ප්‍රතිකාර ලබා ගන්නා ලෙසයි. අරාබි ජාතිකයෙකුගෙන් පහරකෑමට ලක්ව මහමඟ දමාගොස් සිටියදී නිරෝෂා විමලරත්න නමැති මෙම නයි නළඟන කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණේ පසුගිය 22 වැනිදා උදෑසන කාලයේදීයි. පහරකෑමෙන් ඇයගේ ශරීරයේ තුවාල කිහිපයක් ද දක්නට තිබූ අතර අනතුරුව ඇය දින කිහිපයක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබුවා.

 

කොල්ලූපිටිය සමාජශාලාවක සිටියදී පසුගියදා අත්අඩංගුවට ගෙන පසුව මුදා හැරුණු නයි නළඟන ලෙස ප්‍රසිද්ධියට පත් නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානි පහරකෑමකට ලක්ව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. ඇය මීට දින කිහිපයකට පෙර අරාබි ජාතික පුද්ගලයෙකු සමඟ වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිවසකට ගොස් තිබෙනවා. එම අරාබි ජාතික පුද්ගලයාගේ පහරකෑමට ලක්වු මෙම කාන්තාව වැල්ලම්පිටිය - මීතොටමුල්ල ප්‍රදේශයේ ගරාජයක් අසල සිටින බවට ප්‍රදේශවාසීන්ගෙන් පොලිසියට තොරතුරක් ලැබීමෙන් අනතුරුවයි ඇයව සොයා ගැනුණේ. පහරදුන් අරාබි ජාතිකයා සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරක් වාර්තා වී නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.

 

කොල්ලූපිටිය රාත්‍රී සමාජ ශාලාවක නාගයෙකු ළඟ තබාගැනීම හේතුවෙන් නිරෝෂා විමලරත්න අත්අඩංගුවට ගැනුනේ පසුගිය වසරේ අගෝස්තු මස 28 වැනිදායි. පසුව ඇයව රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණු අතර ඇය සමග සිටි නාගයා දෙහිවල සත්වෝද්‍යානයට භාරදුන්නා. අනතුරුව නිරෝෂා විමලරත්න ඇප ලබාගැනීමෙන් පසු නාගයා තමන්ට යළිත් ලබාදෙන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද ඉදිරිපත් කළා.කෙසේ වෙතත් කරුණු සළකා බැලූ කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය මත පසුගිය දෙසැම්බර් මස 11 වැනි දින නයි නළඟනට සිය නාගයා ලබාගැනීමට අවස්ථාව ලැබුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories