වයඹ පොලිස් ස්ථානාධිපතිවරුන් 3 ගේ වැඩ තහනම්.

Friday, 25 January 2013 - 12:53

%E0%B7%80%E0%B6%BA%E0%B6%B9+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+3+%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.

වයඹ පළාතේ පොලිස් ස්ථාන 3 ක ස්ථානාධිපතිවරුන් ලෙස සේවය කළ පොලිස් පරීක්ෂකවරුන් තුන් දෙනෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා. වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අශෝක විජේතිලකගේ නියෝගයකට අනුව මෙසේ වැඩතහනමට ලක්ව ඇත්තේ රස්නායකපුර, සාලියවැව සහ කොස්වත්ත යන පොලිස් ස්ථානවල සේවය කළ පොලිස් ස්ථානාධිපතිවරුන්ගේයි. මෙම නිලධාරින් මීගමුව පොලිස් ස්ථානයේ සේවය කරමින් සිටින විට තම බිරිඳට පහරදී ඇති බවට මීගමුව - දළුපත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් පොලිස්පතිවරයාට පැමිණිලි කර තිබුණා. ඉන් අනතුරුව මේ සම්බන්ධයෙන් අදාළ ස්ථානාධිපතිවරුන්ට එරෙහිව මීගමුව මහාධිකරණයේ නඩු පවරා ඇති අතර එහිදී සැකකරුවන් ඇප මත මුදා හරිනු ලැබුවා. ඒ හේතුවෙනුයි මොවුන්ගේ සේවය වහාම ක්‍රියාත්මක පරිදි අත්හිටුවීමට වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තීරණය කර ඇත්තේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories