මෙවර මානව හිමිකම් සමුළුව කොයිබට ද?

Friday, 25 January 2013 - 19:11

%E0%B6%B8%E0%B7%99%E0%B7%80%E0%B6%BB+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B6%A7+%E0%B6%AF%3F

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන විශ්වීය සමාලෝචන සැසි වාරයේ වාර්තාවේ එකඟතා පිළිබදව ජගත් සංවිධානය ඔවුන්ගේ වෙබ් අඩවියේ මේ වන විට කරුණු ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව එහි සදහන් වන්නේ ශ්‍රී ලංකාවට නිර්දේශ 204ක් ඉදිරිපත් කළ අතර ඉන් 110ක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව එකඟතාවය පළ කළ බවයි. පොලිස්, මැතිවරණ සහ මානව හිමිකම් කොමිසම් හි ස්වාධීනත්වය තහවුරු කිරීම, ජාතික මානව හිමිකම් ආයතන සවිබල ගැන්වීම ඇතුළු නිර්දේශ කිහිපයකට ශ්‍රී ලංකාව එකඟ වී තිබෙනවා.

ප්‍රතික්ෂේප කළ නිර්දේශ 94ට සාක්ෂිකරුවන් සහ වින්දිතයන් ආරක්ෂා කිරීම පිළිබදව වූ පනත් කෙටුම්පත සම්මත කිරීම ඇතුළු කරුණු කිහිපයක් ඇතුළත්. ඉන්දියාව, බෙනින් සහ ස්පාඤ්ඤ යන රටවල් තුන මීට අදාළ වාර්තාව නිකුත් කළේ පසුගිය වසරේ පැවැති සමාලෝචන සැසි වාරය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි.

කෙසේ වෙතත්, ලබන මාර්තු මාසයේ පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිල සැසි වාරයේ දී මෙම සමාලෝචන සැසියේ වාර්තාව සලකා බැලීමට නියමිත බව ජගත් සංවිධාන වෙබ් අඩවියේ සඳහන්. මේ පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශය මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරයෙකු වන නීතිඥ ප්‍රතිභා මහානාම හේවාගෙන් විමසීමක් කළා.


[MP3]s52120_1[/MP3]

කොළඹ පසුගිය දා පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍ය මහින්ද සමරසිංහ ද ඉදිරි මානව හිමිකම් සැසිවාරය පිළිබද මෙලෙස අදහස් දක්වා සිටියා.


[MP3]s52120_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories