විදුලි බිල ඉහළ යයි ද?

Friday, 25 January 2013 - 19:15

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%E0%B6%AF%3F

විදුලි ගාස්තු සංශෝධනය කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් ලබාදුන් වියදම් ඇස්තමේන්තු වාර්තාව අධ්‍යයනය කරමින් සිටින බව මහජන උපයෝගීතා කොමිසම් සභාව ප්‍රකාශ කළා. විදුලි ගාස්තු සංශෝධනය කිරීම සඳහා බලය පැවරී ඇත්තේ මහජන උපයෝගීතා කොමිසම් සභාව වෙතයි. කෙසේ වෙතත්, විදුලි ගාස්තු සංශෝධනය කිරීමට පෙර ජනතා අදහස් ද විමසීමට කටයුතු කරන බවයි එම කොමිසම් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ ප්‍රකාශ කළේ.

[MP3]s52122[/MP3]

ලංකා විදුලිබල මණ්ඩලය විසින් එවා ඇති වියදම් ඇස්තමේන්තුවට අනුව මෙම වසරේ මණ්ඩලයේ වියදම් ලෙස රුපියල් බිලියන 268ක් ඇස්තමේන්තු ගත කර ඇති බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියා. කෙසේ වෙතත්, අනුමත ක්‍රමවේදයට අනුව ඔවුන් මෙම වියදම් ඇස්තමේන්තුව සකස් කර ඇත්දැයි සොයා බැලීම උපයෝගීතා කොමිසම සිදුකරන අධ්‍යයනයේ අරමුණ බවයි ඔහු තවදුරටත් පෙන්වා දුන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories