දියනෑමෙන් ප්‍රවේශසම් වන්න.

Saturday, 26 January 2013 - 12:46

%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%91%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%9A%E0%B7%81%E0%B7%83%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.

අධික වර්ෂාව, ගංවතුර සහ ජලාශවල වාන්දොරටු විවෘත කිරීම හේතුවෙන් ගංඟාවල ජල මට්ටම ඉහළ යාම නිසා පීඩාවට පත්වූ සංඛ්‍යාව දෙලක්ෂ අසූහය දහස් 948 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් දෙලක්ෂ හැත්තෑ තුන්දහස් 251 දෙනෙකු වාර්තා වන්නේ මඩකලපුව දිස්ත්‍රික්කයෙන්. එම දිස්ත්‍රික්කයට අමතරව අම්පාර, කුරුණෑගල, නුවරඑළිය, මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවලට ද ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑම් සිදුව තිබෙනවා. පරාක්‍රම සමුද්‍රයේ වාන්දොරටු විවෘත කිරීම නිසා පොළොන්නරුව - මඩකලපුව මාර්ගයේ ගමනාගමන කටයුතුවලට ද බාධා එල්ල වී ඇති බව සඳහන්. එසේම මහනුවර - අම්පාර මාර්ගය, මහඔය ප්‍රදේශයේදී ජලයෙන් යටවී තිබෙනවා.

 

පීඩාවට පත්ව සිටින ජනතාවට කඩිනමින් සහන සැලසීමට පියවර ගෙන ඇති බවයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ. ආපදා තත්ත්වය පිළිබඳ පැහැදිලි කරන එහි නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ සරත්ලාල් කුමාර.

 

[MP3]s52150_1[/MP3]

 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ අද දිනයේ පවතින වැසි තත්ත්වයේ යම් අඩුවීමක් අපේක්ෂා කරන බවයි. ඒ පිළිබඳ පැහැදිලි කරන කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පබෝදිනී කරුණාපාල.

 

[MP3]s52150_1[/MP3]

 

මේ අතර, දියනෑමේදී සැලකිලිමත්ව කටයුතු කරන්නැයි පොලිසිය විනෝද චාරිකා සහ වන්දනා චාරිකාවල නිරත ජනතාවගෙන් ඉල්ලීමක් කළා. අධික වැසි තත්ත්වයත් සමඟ ජලාශවල වාන්දොරටු විවෘත කිරීම නිසා වැව් හා ගංඟා පිටාර ගලමින් පවතිනවා. එම නිසා, දියනෑමේදී ජීවිත ආරක්ෂක නිලධාරින් සිටින ස්ථාන පමණක් යොදා ගන්නා ලෙසයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories