සජිත්ට ඇති එකම මඟ තිස්ස හෙළි කරයි.

Saturday, 26 January 2013 - 18:47

%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%A7+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%91%E0%B6%9A%E0%B6%B8+%E0%B6%B8%E0%B6%9F+%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.

සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයාගේ දේශපාලන අනාගතය එක්සත් ජාතික පක්ෂය මිස වෙනත් මාර්ගයක් නොවන බව එම පක්ෂයේ මහලේකම් තිස්ස අත්තානයක ප්‍රකාශ කළා. ඒ මහනුවර - මැණික්හින්න ප්‍රදේශයේ අද (26) පැවති ජනහමුවක් අමතමින්.

[MP3]s52174_1[/MP3]

එක්සත් ජාතික පක්ෂය විනය පියවර ක්‍රියාත්මක කරන ආකාරය ඔහු පැහැදිලි කළේ දක්ෂිණ අධිවේගී මාර්ගය උදාහරණයට ගනිමින්.

[MP3]s52174_2[/MP3]

මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු, පළාත් සභා, පළාත් පාලන මන්ත්‍රීවරුන්ට සහ ආසන සංවිධායකවරුන්ට පොදු සමාජ ව්‍යාපාර පවත්වාගෙන යාම වහාම අත්හිටුවන ලෙසට නියෝග නිකුත් කර ඇතැයි ද අද උදෑසන වාර්තා වුණා. පක්ෂ ව්‍යවස්ථාවට අනුව පක්ෂ නායකත්වයට පැවරී ඇති බලතල අනුවයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මෙම නියෝගය නිකුත් කර ඇත්තේ. ඒ අනුව පක්ෂයේ ක්‍රියාකාරී සැලස්මට පරිබාහිරව සුබසාධන සංගම්, ස්වේච්ඡා සංවිධාන හරහා ද්‍රව්‍ය බෙදා දීම සපුරා තහනම් වනවා. පක්ෂයේ යම් මන්ත්‍රීවරයෙකු හෝ සංවිධායකවරයෙකු පක්ෂයෙන් පරිබාහිරව එවැනි කටයුතු සිදුකරන්නේ නම් පක්ෂයේ තනතුරුවලින් ඉවත්ව පූර්ණ කාලීනව එවැනි කටයුතුවල නියැලෙන ලෙසයි විපක්ෂ නායකවරයා දන්වා තිබුණේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories