ගාල්ලේ හිටපු පුරපතිගෙන් මහ ඇමතිට චෝදනා.

Saturday, 26 January 2013 - 19:37

%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F.

ධුරයෙන් ඉවත් කෙරුණු ගාල්ල නගරාධිපති මෙත්සිරි ද සිල්වා අද (26) මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී ඔහු කියා සිටියේ තමන් නගරාධිපති ධුරයෙන් සහ නගර සභික ධුරයෙන් ඉවත් කිරීම නීතිවිරෝධි බවයි. ඊට අදාළ ප්‍රචාර නිසා තම බිරිඳ සහ දරුවන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවත්, එහි වගකීම දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා භාර ගත යුතු බවත්, හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වා සඳහන් කළා.

[MP3]s52179[/MP3]

මේ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය දකුණු පළාත් මහඇමති ශාන් විජේලාල් ද සිල්වාගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ නගරාධිපතිවරයාට එරෙහිව එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් වන චෝදනා පත්‍රයක් පළමුව ඔහුට ලබාදුන් බවයි. ඊට හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වා පිළිතුරු ලබා දී තිබෙනවා. අනතුරුව ඊට අදාළ විමර්ශන කටයුතු සිදුකෙරුණේ විශ්‍රාමලත් දිසා විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවකින්. එම කමිටුව හමුවේ ද සාක්ෂි විමසූ අතර එම අවස්ථාවට ද හිටපු නගරාධිපතිවරයා සහභාගි වූ බව ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රකාශ කළා. පිළිතුරු සැපයීම සඳහා හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වාට අවශ්‍ය තරම් කාලය ලබාදුන් බවයි දකුණු පළාත් මහඇමතිවරයා කියා සිටියේ. අදාළ කමිටුවේ නිර්දේශ අනුව, ගාලූ නගරාධිපති ධුරයෙන් මෙත්සිරි ද සිල්වා ඉවත් කළ බව මහඇමති ශාන් විජේලාල් ද සිල්වා වැඩිදුරටත් ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories