වනජීවි නිලධාරින් හෙට සිට රාජකාරියෙන් ඉවත්වීමට සැරසේ.

Sunday, 27 January 2013 - 12:54

%E0%B7%80%E0%B6%B1%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A.


උඩවලව ජාතික වනෝද්‍යානයේ වනජීවි නිලධාරින්ට පොලිසිය විසින් විවිධ හිරිහැර සිදුකරන බව පවසමින් හෙට දහවල් සිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට වනජිවි නිලධාරින් සූදානම් වනවා. වනහඬ සංවිධානයේ ලේකම්, එස්.පී.ජී ලයනල් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අද (27) දිනයේදී මේ පිළිබඳව වනජිවි අධ්‍යක්ෂ ජනරාල්වරයා ද දැනුවත් කළ බවයි. ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට තවදුරටත් කරුණු දැක්වූ වනහඬ සංවිධානයේ ලේකම්වරයා.

[MP3]s52206_1[/MP3]

උඩවලව ජාතික වනෝද්‍යානයේ ගංජා හේන් කිහිපයක් වැටලීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසකගෙන් දෙදෙනෙකු වනජීවී ආරක්ෂක නිලධාරීන් විසින් පැහැරගෙන ගොස් ඇති බව පොලීසිය පසුගිය 23 වැනි දින ප්‍රකාශ කළා. මෙලෙස පැහැරගෙන ගොස් තිබුණේ වලාන දූෂණ මර්ධන ඒකකයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙක්. පසුව පැහැරගැනීමට ලක්වූ පොලිස් නිලධාරින් දෙදෙනා මුදා හැර තිබුණා. කෙසේ වෙතත්, මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. කෙසේ වෙතත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි කියා සිටියේ මෙම සිද්ධියේදී වනජිවි නිලධාරින් නීති විරෝධී ලෙස කටයුතු කර ඇති බවට හෙළිවුවහොත් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවයි.

[MP3]s52206_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories