අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් හෙට ? පද්මසිරිගෙන් සමසමාජයට පිළිතුරු.

Sunday, 27 January 2013 - 13:11

%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%3F+%E0%B6%B4%E0%B6%AF%E0%B7%8A%E0%B6%B8%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94.

රජයේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් හෙට (28) දිනයේදී බොහෝදුරට සිදුකෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළා. ඒ අනුව, එලෙස නව අමාත්‍ය පදවිවල දිවුරුම්දීම හෙට දහවල් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේදී සිදුකෙරෙන ඇති බවටයි වාර්තා වන්නේ. පසුගිය වකවානුවේ වඩාත් ආන්දෝලනයකට ලක්වූ අමාත්‍යාංශ කිහිපයකට නව ඇමතිවරුන් පත් කිරීමට නියමිතව තිබෙන බව සඳහන්. මෙම කැබිනට් සංශෝධනයත් සමඟ අගමැති ධුරයේද වෙනසක් සිදුවන බව මීට පෙර වාර්තා පළ වුව ද හෙට එවැන්නක් සිදු නොවනු ඇති බවයි රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.

මේ අතර, පසුගියදා දෝෂාභියෝග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කිරීම සම්බන්ධයෙන් නිදහසට කරුණු විමසා ලංකා සමසමාජ පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී වයි.ජී.පද්මසිරි වෙත ලිපියක් ලැබී තිබෙනවා. පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මේ මස 31 වැනිදාට පෙර දෝෂාභියෝග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කිරීම පිළිබඳව මන්ත්‍රීවරයාට නිදහසට කරුණු ලබා දෙන ලෙස දැනුම්දී ඇති බවයි. ඒ අනුව, ඊට පිළිතුරු ලබාදීමට මන්ත්‍රීවරයා සූදානම් වනවා.

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග යෝජනාවට ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටීමට සමසමාජ පක්ෂය තීරණය කර තිබුණා. එහෙත්, වයි.ජී.පද්මසිරි මන්ත්‍රීවරයා මෙම යෝජනාව පිළිබඳ ඡන්දය විමසන අවස්ථාවේදී ඊට පක්ෂව ඡන්දය භාවිතා කළා. සමසමාජ පක්ෂය නියෝජනය කරමින්, පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සිටිනවා. ඒ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය තිස්ස විතාරණ සහ වයි.ජී.පද්මසිරි මන්ත්‍රීවරයායි. තිස්ස විතාරණ අමාත්‍යවරයා දෝෂාභියෝග ඡන්ද විමසීම සිදුකරන අවස්ථාවේදී සභාවේ සිටියේ නැහැ. වයි.ජී.පද්මසිරි මන්ත්‍රීවරයා යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කිරීම හේතුවෙන් ඔහුට විරුද්ධව නිදහසට කරුණු විමසීමට පක්ෂ දේශපාලන මණ්ඩලය පසුගියදා තීරණය කළා. ඒ අනුවයි මීට දින කිහිපයකට පෙර අදාළ ලිපිය මන්ත්‍රීවරයා වෙත ලැබී ඇත්තේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories