ටෙසෝ නියෝජිත පිරිසක් ඉන්දීය විදේශ ඇමති හමුවෙයි.

Sunday, 27 January 2013 - 13:39

%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%9D+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.


මෙරට උතුරුකරයේ දෙමළ ජනතාව පුනරුත්ථාපනය කිරිමේ කටයුතු කඩිනම් කරන ලෙස ලක් රජයට බල කරන්නැයි දෙමළ ටෙසෝ සංවිධානය ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කිරීමට සැරසෙනවා. ඒ සඳහා එම සංවිධානයේ නියෝජිත පිරිසක් ඉන්දීය විදේශ ඇමති සල්මාන් කුර්ෂිඞ් හමුවීමට නියමිත බව පී.ටී.අයි. ඉන්දීය ප්‍රවෘත්ති සේවය සඳහන් කළා. එම කණ්ඩායමේ ප්‍රධානත්වය දරනු ඇත්තේ තමිල්නාඩු ඞී.එම්.කේ පක්ෂයේ භාණ්ඩාගාරික කරුණානිධිගේ පුත් එම්.කේ.ස්ටාලින් විසින්. ටෙසෝ නියෝජිතයන් නවදිල්ලියේදී ඉන්දීය විදේශ ඇමතිවරයා මෙන්ම, එහි පිහිටුවා ඇති විදේශ රටවල තානාපති කාර්යාලවල නියෝජිතයන් ද හමුවීමට නියමිත බව සඳහන්. එහිදී මෙරට දෙමළ ජනතාවගේ ගැටලූ විසඳීම සඳහා ලක් රජයට බලකරන්නැයි ටෙසෝ නියෝජිතයන් එම තානාපතිවරුන්ගෙන් ඉල්ලා සිටීමට සූදානම් බව ඉන්දීය ප්‍රවෘත්ති සේවාව වාර්තා කළා. ජගත් මානව හිමිකම් මණ්ඩලයේදී ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත කර ගත් යෝජනාව ක්‍රියාවට නංවන ලෙස ද ටෙසෝ නියෝජිතයන් ඉල්ලා තිබෙනවා. ඔවුන් ලබන සඳුදා සහ අඟහරුවාදා නවදිල්ලියේදී මෙම ශ්‍රී ලංකා විරෝධී ව්‍යාපාරය දියත් කරන බවයි වාර්තා වන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories