හෙට කැබිනට් සංශෝධනය ස්ථිරයි.

Sunday, 27 January 2013 - 18:34

%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.


 
අමාත්‍ය මණ්ඩල සංශෝධනය හෙට (28)දිනයේ දී අනිවාර්යෙන් සිදුකෙරෙන බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා සනාථ කළා. ඒ අනුව හෙට පෙරවරුවේ නව අමාත්‍යවරුන් දිවුරුම් දීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ සිදුකෙරෙනු ඇති. විදුලිබල, ඛනිජ තෙල්, අධ්‍යාපන, පරිසර, ක්‍රීඩා, රාජ්‍ය පරිපාලන, කම්කරු, තාක්ෂණ පර්යේෂණ ආදී අමාත්‍ය ධුරවල වෙනසක් මෙම සංශෝධනය මගින් සිදුවනු ඇතැයි අපේක්ෂිතයි. දැනට නියෝජ්‍ය අමාත්‍ය ධුර හොඹවන කිහිප දෙනෙකුට මෙලෙස අමාත්‍ය ධුර පිරිනැමෙනු ඇති බවයි රජයේ ආරංචි මාර්ග කියා සිටියේ. එමෙන්ම මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට ද නියෝජ්‍ය අමාත්‍ය ධුර හෙට සිදුවන අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දී ලැබීමට නියමිත බවයි රජයේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories