පක්ෂ නායකත්වය නඟා සිටුවීමට සජිත් එකඟ වෙයි.

Tuesday, 29 January 2013 - 7:40

%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%B1%E0%B6%9F%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් ඊයේ (28) පස්වරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වුණා. එහිදී කරුණු 3ක් සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා එකඟතාවය පළ කර ඇති බවයි පක්ෂ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

ඒ අනුව පක්ෂය, එහි නායකත්වය සහ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගනු ලබන තීරණවලට එකඟතාවය පළ කිරීමටත් ඊට එරෙහිව මත පළ නොකිරීමටත් මන්ත්‍රීවරයා එකඟතාවය පළ කරනු ලැබුවා. ඊට අමතරව පක්ෂයේ සහ  නායකත්වය නගා සිටුවීම වෙනුවෙන් කටයුතු කිරීමට ද සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා එකඟතාවය පළ කර ඇති බව සඳහන්. තමා විසින් සිදුකරනු ලබන සුබසාධක කටයුතු පක්ෂ කටයුත්තක් ලෙස සිදුකිරීමටත් සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා එකග වූ බවයි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රකාශකයා සඳහන් කළේ. සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අතර මුල්වරට සාකච්ඡා පැවැත්වුණේ පසුගිය බ්‍රහස්පතින්දායි. එහි දෙවැනි සාකච්ඡාව ලෙසයි ඊයේ (28) එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග සාකච්ඡා සිදුකර ඇත්තේ. මෙම සාකච්ඡාවට පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක, සභාපති ගාමිණී ජයවික්‍රම පෙරේරා, උපනායක ජෝසප් මයිකල් පෙරේරා සහ ජාතික සංවිධායක දයා ගමගේ එක්ව තිබෙනවා.

ඊයේ (28) පැවැත්වූ සාකච්ඡා සම්බන්ධයෙන් පැහැදිලි කරන එක්සත් ජාතික පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක.

[MP3]s52326[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories