ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට රජයෙන් කමිටුවක්.

Tuesday, 29 January 2013 - 7:43

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට රජය කමිටුවක් පත් කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ඒ, මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග අරලිය ගහ මන්දිරයේ ඊයේ (28) රාත්‍රියේ පැවැති සාකච්ඡාවේදියි. මේ පිළිබදව කථානායකවරයා ද දැනුවත් කර ඇති බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.
 
මේ අතර,  ඕනෑම පුරවැසියෙකුට ආගමික නිදහස පවතින බව ජනධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියා. සියලූ දෙනා එකිනෙකාට ගරු කළ යුතුයි. විවිධ ආගමික මතවාද සම්බන්ධයෙන් පැතිර යන අදහස් පිළිබදව එක් කණ්ඩායමක් සමග දැනටමත් සාකච්ඡා පවත්වා තිබෙනවා. අනෙකුත් පාර්ශවයන් සමග ද ඉදිරියේ දී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි ජනාධිපතිවරයා මෙම හමුවේදී ප්‍රකාශ කළේ. කිසිදු ආගමකට බලපෑමක් සිදුවන ප්‍රචාර සිදුනොකරන ලෙස ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී සියලූ ජනමාධ්‍යවලින් ඉල්ලීමක් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories