ද්විභාෂා ජාතික ගීයට ජ.වි.පෙ. න් සහය.

Tuesday, 29 January 2013 - 19:10

%E0%B6%AF%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B7%82%E0%B7%8F+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%9C%E0%B7%93%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A2.%E0%B7%80%E0%B7%92.%E0%B6%B4%E0%B7%99.+%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%BA.

65 වන ජාතික නිදහස් දිනය සැමරෙන ලබන පෙබරවාරි 04 වැනිදා ජාතික ගීයේ ඇතැම් කොටස් දෙමළ භාෂාවෙන් ගායනා කිරීමේ යෝජනාව ක්‍රියාත්මක නොවන බව ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කරනවා. කෙසේ වෙතත්, ජනතා විමුක්ති පෙරමුණ අද (29) කියා සිටියේ භාෂා දෙකෙන් ජාතික ගීය ගායනා කිරීමට තම සහය පළ කරන බවයි. කොළඹ අද (29) පැවති මාධ්‍ය හමුවේදී එහි ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මේ සම්බන්ධයෙන් අදහස් පළ කර සිටියා.

[MP3]s52372_1[/MP3]                

ජනතා විමුක්ති පෙරමුණ ජාතික ගීය සම්බන්ධයෙන් දක්වන මෙම අදහස පිළිබඳව කලක් ඔවුන් සමග එක්ව කටයුතු කළ දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය විරෝධය පළ කරනවා. එහි ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර පවසන්නේ ජනතා විමුක්ති පෙරමුණේ වර්තමාන ක්‍රියා කලාප හරහා ඔවුන්ගේ මතය වෙනස් වී ඇති බවයි.

[MP3]s52372_2[/MP3]       

මේ අතර, ජාතික ගීය භාෂා දෙකකින් ගායනා කිරීම සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමයද විරෝධය පළ කරනවා. එහි මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ සිය ස්ථාවරය පැහැදිලි කළේ මේ ආකාරයෙන්.

[MP3]s52372_3[/MP3]

කෙසේ වෙතත්, ලබන 04 වැනිදා ජාතික නිදහස් දින උත්සවයේදී ජාතික ගීය භාෂා දෙකකින් ගායනා කරනවාද යන්න සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය අද (29) අමාත්‍ය වාසුදේව නානායක්කාරගෙන් විමසීමක් කළා.

[MP3]s52372_4[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories