සීනි ඇමති මදිවට ගෝවා ඇමතිත් ?

Tuesday, 29 January 2013 - 19:44

%E0%B7%83%E0%B7%93%E0%B6%B1%E0%B7%92+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B7%9D%E0%B7%80%E0%B7%8F+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%3F

විපක්ෂයේ දේශපාලන පක්ෂ ඊයේ (28) සිදුවු අමාත්‍ය මණ්ඩල සංශෝධනය පිළිබඳව විවිධ අදහස් ඉදිරිපත් කරනවා. එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අද (29) කැඳවා තිබූ මාධ්‍ය හමු දෙකකදී මේ පිළිබඳව අදහස් පළ වුණා. ඔවුන්ගේ වැඩි අවදානය යොමුවුණේ සීනි කර්මාන්ත අමාත්‍යවරයාගේ විෂය පථය පිළිබඳවයි. එක්සත් ජාතික පක්ෂය විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වු එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක කියා සිටියේ මෙය අමාත්‍යවරයෙකුගේ ගෞරවය හෑල්ලූ කිරීමක් බවයි.

[MP3]s52375_1[/MP3]                                  

ජනතා විමුක්ති පෙරමුණු මාධ්‍ය හමුවට එක්වු එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කියා සිටියේ මේ අනුව ඉදිරියේදී විවිධ පාරිභෝගික භාණ්ඩ වෙනුවෙන් අමාත්‍යවරුන් පත්විය හැකි බවයි.

[MP3]s52375_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories