දුම්රිය හරස් මගක් ඉල්ලා බලපිටියේ විරෝධතාවයක්.

Wednesday, 30 January 2013 - 12:37

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B6%BB%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B6%9C%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

විරෝධතාවයක් හේතුවෙන් මහනුවර සිට මාතර බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක් බලපිටිය සහ ආඳදොල දුම්රිය ස්ථාන අතරතුරදී අද (30) පෙරවරුවේ නතර කරනු ලැබුවා. විරෝධතාව හේතුවෙන් දුම්රිය ධාවනය වූයේ විනාඩි 20 ක පමණ ප්‍රමාදයකින් පසුවයි. බලපිටිය - පාතමුල්ල -  ඕවිලාන ගම්මානයට යාම සඳහා දුම්රිය මාර්ගය හරහා හරස් මාර්ගයක් ඉදිකරන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීන් පිරිසක් පාතමුල්ල ප්‍රදේශයේදී දුම්රිය මග හරස් කරමින් මෙලෙස උද්ඝෝෂණයක නිරත වුණා. ප්‍රදේශවාසීන් කියා සිටියේ මුහුදුබඩ දුම්රිය මාර්ගය නවීකරණය කිරීමෙන් පසුව තමන් මෙතෙක් ගමන් කළ දුම්රිය හරස් මාර්ගය කඩා ඉවත් කර ඇති බවයි. ඒ හේතුවෙන් තමන් අපහසුතාවයට පත්ව ඇති බවද  ඕවිලාන ගම්වාසීන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.

 

[MP3]s52409_1[/MP3]

 

විරෝධතාවය අතරතුර බලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ. දයාරත්න සිල්වා ද එම ස්ථානයට පැමිණියා. හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මෙම ගැටළුව සම්බන්ධයෙන් දුම්රිය බලධාරීන් සමග සාකච්ජා කළද විසඳුමක් මෙතෙක් නොලැබුණු බවයි.

 

[MP3]s52409_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories