මිනුවන්ගොඩ පොලිස් වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට.

Wednesday, 30 January 2013 - 12:40

%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.

මිනුවන්ගොඩ - නාලන්දා විද්‍යාලය අසල සුසාන භූමියේ දී අද (30) අලූයම සිදුවූ පොලිස් වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා. මෙලෙස ජීවිතක්ෂයට පත්වුණේ නාලන්දා විද්‍යාලය අසල පෞද්ගලික උපකාරක පන්තියක පෝස්ටර් අලවමින් සිටි ශිෂ්‍යයන් දෙදෙනෙකුට පහරදී ගෙල බැඳි රන් මාල කොල්ලකෑමට උත්සාහ කළ පුද්ගලයෙකුයි. ටී - 56 ගිනි අවියක් රැගෙන පැමිණි පුද්ගලයන් 4 දෙනෙකු අදාළ ශිෂ්‍යයන් දෙදෙනාට අද (30) අලූයම පහර දී තිබෙනවා. ඒ අවස්ථාවේ ලද තොරතුරක් මත පොලීසිය එම ස්ථානයට පැමිණ ඇති අතර එම සැකකරුවන් එහිදී පැන යාමට උත්සාහ දරා ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ. පසුව පලා ගිය සැකකරුවෙකු ලූහුබැද ගොස් මිනුවන්ගොඩ සුසාන භූමිය තුළ දී සිදුකළ වෙඩි තැබීමකින් මෙම සැකකරු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ පවත්වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසියේ විශේෂ කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories