බොදුබල සේනා පලායන සේනාවක්.

Wednesday, 30 January 2013 - 18:48

%E0%B6%B6%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%B6%E0%B6%BD+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B4%E0%B6%BD%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

බොදුබල සේනා පලායන සේනාවක් බව නව සමසමාජ පක්ෂයේ ලේකම් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න අද (30) කියා සිටියා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ බොදුබල සේනා සංවිධානය සමග විවාදයකට තමන් සූදානම් බවයි.

බොදුබල සේනා සංවිධානය විවාදයක් සඳහා පැමිණෙන ලෙස අභියෝග කර තිබුණද තමන් විවාදයට එන බව සඳහන් කළ විට එය ප්‍රතික්ෂේප කර ඇති බවයි ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න පවසන්නේ.

[MP3]s52432_1[/MP3]

නව සමසමාජ පක්ෂයේ ලේකම් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය බොදුබල සේනා සංවිධානයෙන් විමසීමක් කළා. එහි ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පැවසුවේ මුස්ලිම් අන්තවාදය පිළිබඳ මුස්ලිම් නායකයන් සමග මිස වෙනත් අය සමග තමන්ට වාදයක් නොමැති බවයි.

[MP3]s52432_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories