නව පරිසර ඇමති කුණු බද්දක් ගැන කථා කරයි.

Wednesday, 30 January 2013 - 18:52

%E0%B6%B1%E0%B7%80+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%BB+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.

ජනතාවගෙන් කුණු බද්දක් අය කිරීම රජයේ ප්‍රතිපත්තිය නොවුනත් පළාත් පාලන ආයතනවලට අවශ්‍යනම් එවැනි බද්දක් අය කළ හැකි බව නව පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත කියා සිටියා. ඔහු මෙම අදහස් පළ කළේ නව අමාත්‍යාංශයේ වැඩභාරගැනීමේ අවස්ථාවට අද (30) පෙරවරුවේ එක්වෙමින්.

මහනුවර මහනගර සභා බල ප්‍රදේශය තුළ බැහැර කෙරෙන අපද්‍රව්‍ය සම්බන්ධයෙන්  බද්දක් ගෙවීමට ජනතාවට සිදුවනු ඇතැයි පළවූ වාර්තා නිසා කුණු බද්ද සම්බන්ධයෙන් කථාබහ යළි කරලියට පැමිණියා. මේ සම්බන්ධයෙන් මහනුවර මහ නගර සභාවේ කොමසාරිස් චන්දන තෙන්නකෝන්ගෙන් හිරු ප්‍රවෘත්ති අංශය විමසීමක් කළා. ඔහු පැවසුවේ දැනට බද්දක් අයකිරීමට තීරණය කර නැතත් අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධයෙන් සමීක්ෂණයක් පැවැත්වෙන බවයි.

[MP3]s52433_1[/MP3]    

කෙසේ වෙතත් ජනතාව ඉවත දමන කුණු කසල සඳහා ඔවුන්ට බද්දක් ගෙවීමට සිදුවනු ඇතැයි හිටපු පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ජනවාරි 22 වැනිදා ප්‍රකාශ කළා. මධ්‍යම පරිසර අධිකාරියේ පැවති රැස්වීමකදී ඔහු සඳහන් කළේ කසල දහනය කර එමගින් බලශක්තිය නිපදවීමේ තාක්ෂණය ආරම්භ කළහොත් ජනතාවගෙන් කුණු බද්දක් අයකිරීමට සිදුවනු ඇති බවයි.

[MP3]s52433_2[/MP3]

කෙසේ වෙතත් කුණු බද්දක් ජනතාවගෙන් අය කිරීම සම්බන්ධයෙන් ඇතැම් පරිසර සංවිධාන දක්වන්නේ දැඩි විරෝධයක්. පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් පැවසුවේ අපද්‍රව්‍ය නිපදවන ආයතනවලින් බද්දක් අයකිරීම සාධාරණ වුවත් ජනතාවට එවැනි බදු බරක් පැටවීම සාධාරණ නොවන බවයි.

[MP3]s52433_3[/MP3]

කුණු බද්ද පිළිබඳ පවතින කථාබහ සම්බන්ධයෙන් නව පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගෙන් අප විමසීමක් කළා. මේ ඔහු ඊට දැක්වූ ප්‍රතිචාරයයි.

[MP3]s52433_4[/MP3] 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories