නීති ශිෂ්‍යාවගේ වම් අත අහිමිවීම ගැන මාතර රෝහල් පරීක්ෂණ අවසන්.

Wednesday, 30 January 2013 - 18:59

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BB+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A.

අස්ථි බිදීමක් හේතුවෙන් මාතර මහ රෝහලට ඇතුළත් කළ අචලා ප්‍රියදර්ශනී නැමති නීති ශිෂ්‍යාවගේ වම් අත සැත්කමකින් ඉවත් කිරීම සම්බන්ධයෙන් මාතර රෝහලේ කළ පරීක්ෂණ අවසන්වී තිබෙනවා. මාතර මහ රෝහලේදී ඇයගේ වම් අතට වෙළුම් පටියක් යොදා තිබූ අතර පසුව එම අතේ බලවත් වේදනාවක් ඇතිවීම නිසා ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. ඒ වනවිට එම අතේ ස්නායුවලට හානි සිදුවී තිබීම නිසා අත කපා දැමීමට කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් ක්‍රියාකර තිබුණා.

මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පරීක්ෂණ කණ්ඩායම් දෙකක් පත් කලා. ඉන් එක් කණ්ඩායමක් විශේෂඥ වෛද්‍යවරුන් තුන්දෙනෙක්ගෙන් සමන්විතයි.

පරීක්ෂණවල තත්ත්වය පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශයට පැහැදිළි කළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය ලාල් පනාපිටිය.

[MP3]s52434_1[/MP3]

නීති ශිෂ්‍යාවට අතක් අහිමිවීම ඇගේ මානව අයිතීන් උල්ලංගණය වීමක් බව පවසමින් කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ සිසුන් මානව හිමිකම් කොමිසමේ පැමිණිල්ලක්ද ගොනු කොට තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වන පරීක්ෂණවල තත්ත්වය පැහැදිළි කළ එම කොමිසමේ කොමසාරිස්වරයෙකු වන ජ්‍යෙෂ්ඨ නීතීඥ ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා.

[MP3]s52434_2[/MP3]

අචලා ප්‍රියදර්ශනීගේ වම් අත අහිමිවීම සම්බන්ධයෙන් විවිධ පාර්ශව ඇයට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ට චෝදනා එල්ල කරනවා. එහෙත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ පරීක්ෂණ අවසන් වනතුරු එවැනි චෝදනා එල්ල කිරීම සාධාරණ නොවන බවයි. සිය මතය පැහැදිළි කළ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන් ද සොයිසා.

 
[MP3]s52434_3[/MP3]

වම් අත අහිමිවූ නීති ශිෂ්‍යාව අචලා ප්‍රියදර්ශනී ගේ සුවදුක් විමසීමට සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන පසුගියදා කොළඹ ජාතික රෝහලට පැමිණියා. අද විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ද ඇය බැලීමට ජාතික රෝහලට පැමිණ තිබෙනවා. එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා.

[MP3]s52434_4[/MP3]

කොළඹ නීති පීඨයේ අචලා ප්‍රියදර්ශනී ශිෂ්‍යාවට මුහුණ දීමට සිදුව ඇති අවාසනාවන්ත තත්ත්වය පිළිබඳ, කලක් එම පීඨයේ පීඨාධිපතිව මෙන්ම කොළඹ සරසවියේ උප කුලපතිවරයාව සිටි විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්ගේද අවධානය යොමුව තිබෙනවා. කොළඹ නීති පීඨ ශිෂ්‍ය සංගමය අද පස්වරුවේ අමාත්‍යවරයා හමුවීමට නියමිතව තිබුණා.

 
අචලා ප්‍රියදර්ශනීට අහිමිවූ වම් අත වෙනුවට කෘතිම අතක් ලබාදීම සඳහා කොළඹ නීති පීඨය අරමුදලක්ද ස්ථාපිත කර තිබෙනවා. ඒ ‘‘අචලාට අතක්, නොසැලකිල්ල වෙනුවෙන් යුක්තිය’’ යන තේමාව යටතේයි. අචලා ප්‍රියදර්ශනීට කෘතිම අතක් ලබාදීම වෙනුවෙන් මුදල් පරිත්‍යාග කළ හැකි අයට 0715 114 139,    071 88 25 329, 071 22 40 40 5 යන දුරකථන අංකවලට ඇමතීමෙන් ඊට දායක විය හැකියි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories