කල්පිටිය මුහුදේ ඩොල්ෆින් සංහාරයක්.

Wednesday, 30 January 2013 - 19:06

%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A+%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B7%86%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

කල්පිටිය - කන්දකුලිය මුහුදු තීරයේ ඩොල්ෆින් මත්ස්‍ය සංහාරයක් ගැන එහි ධීවරයන් අද (30) අනාවරණය කළා. ඊයේ දිනය තුළ පමණක් ඝාතනයට ලක්ව ඇති ඩොල්ෆින් මත්ස්‍යයින්ගේ සංඛ්‍යාව 42 ක්. තහනම් ක්‍රම භාවිත කරමින් ධීවර කර්මාන්තයේ යෙදෙන සුළු පිරිසක් විසින් මෙම වටිනා මත්ස්‍යයින් සංහාරයට ලක් කරන බවයි සම්ප්‍රදායික ධීවරයින් චෝදනා කරන්නේ.

කල්පිටිය - කන්දකුලිය මුහුදු තීරයේ ඩොල්ෆින් සංහාරය ඇසින් දුටු ධීවරයින් කිහිපදෙනෙක් හිරු ප්‍රවෘත්ති අංශයට සිද්ධිය මෙසේ පැහැදිළි කළා.

[MP3]s52435_1[/MP3]  

අප මේ සම්බන්ධයෙන් ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය ධුරයට අලූතින් පත්වූ සරත් කුමාර ගුණරත්න මන්ත්‍රීවරයාගේ අවධානය යොමු කළා. තමන් මෙම ක්‍රියා වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා බවයි ඔහු එහිදී කියා සිටියේ.

[MP3]s52435_2[/MP3]

ස්වභාවික පරිසරයේ සත්වයන් මෙසේ සංහාරයට ලක් කිරීම වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි වරදක් බව පරිසර නීතිවේදී ජගත් ගුණවර්ධන අවධාරණය කළා.

[MP3]s52435_3[/MP3]         



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories