නව පළාත් පාලන ආයතන සංශෝධන පනතේ අවුලක්.

Friday, 01 February 2013 - 19:15

%E0%B6%B1%E0%B7%80+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A.

ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති මෙත්සිරි ද සිල්වා එම ධුරයෙන් සභ සභික ධුරයෙන් ඉවත් කිරීමත් සමග නව පළාත් පාලන ආයතන විශේෂ විධි විධාන පනතට සංශෝධන ගෙන ඒමට පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය සූදානම් වනවා. නව පනතේ පුරප්පාඩුවක් ඇති වූ විට එය පිරවීම සඳහා විධි විධාන නොමැතිවීම ඊට හේතුවයි.

 

එල්ල වූ චෝදනා කිහිපයක් පරීක්ෂා කිරීමෙන් පසු ගාල්ල මහනගර සභාවේ නගරාධිපති මෙත්සිරි ද සිල්වා එම ධුරයෙන් සහ සභික ධුරයෙන් ඉවත් කිරීමට දකුණේ මහඇමතිවරයා පසුගිය දා පියවර ගත්තා. හිටපු නගරාධිපතිවරයා ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමු වූ අතර ඒ අනුව මේ මස 07 වන දා දක්වා නව පත්වීමක් සිදුනොකරන ලෙස දකුණු පළාත්බද මහාධිකරණය අද (01) දැනුම් දුන්නා. අධිකරණ තීරණයෙන් පසු හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දැක්වූ ගාල්ලේ හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වා.

 

[MP3]s52557_1[/MP3]

 

පළාත් පාලන ආයතනයන්හි පුරප්පාඩු පිරවීම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයෙන් විමසීමක් කර තිබෙනවා. ඒ, පුරප්පාඩු පිරවීමට නව පළාත් පාලන ආයතන විශේෂ විධි විධාන පනතේ පවතින අඩුපාඩු හේතුවෙන්. එහිදී අමාත්‍යාංශය නීතිපති උපදෙස් ලබාගත් බවයි නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක කියා සිටියේ. පනතේ 84 වන වගන්තිය අනුව ගැටළුකාරී තත්ත්වයත් මතුවූ විට පැරණි පනත ක්‍රියාත්මක කිරීමට ඇමතිවරයාට බලතල පවතිනවා. එහෙත් එය ක්‍රියාත්මක කළ නොහැකි බවයි නීතිපතිවරයා පවසා ඇත්තේ. එසේ වුවත්, කිසියම් අයෙකුගේ අයිතිවාසිකම් සහ වරප්‍රසාදවලට බාධාවක් සිදුවේ නම් පැරණි පනතම ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව පවතිනවා. අර්ථ නිරූපන ආඥා පනත අනුව ජනතාවගේ ඡන්ද අයිතිය සුරැකිය හැකි බව නීතිපතිවරයාගේ උපදෙස් වලට ඇතුළත්.

 

මෙම උපදෙස් මැතිවරණ කොමසාරිස්වරයා වෙත යොමු කළ පසු ඒවා අධ්‍යනයනය කළ ඔහු යළිත් නීතිපති උපදෙස් ගැනීමට සූදානම් වන බවයි වාර්තා වුණේ. ගාල්ල නගරාධිපතිවරයා එම ධුරයෙන් සහ සභික ධුරයෙන් ඉවත් කිරීමත් සමග නව පලාත් පාලන ආයතන විශේෂ විධි විධාන පනතේ මෙම අඩුපාඩු බරපතල ලෙස මතුව තිබෙනවා. මේ අනුව නව පනතට සංශෝධන ගෙන ඒම කෙරෙහි සාකච්ඡා කරමින් සිටින බවයි පළාත් පාලන හා පළාත් සභා නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක පැවසුවේ.

 

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් මෙම නව පනතේ අඩුපාඩු පිළිබද දැක්වූයේ මෙවැනි අදහසක්.

 
[MP3]s52557_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories