කොස්ගම - කහටපිටියේ දී පොලීසියට ප්‍රහාරයක්.

Friday, 01 February 2013 - 19:34

%E0%B6%9A%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8+-+%E0%B6%9A%E0%B7%84%E0%B6%A7%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

කොස්ගම - කහටපිටිය - කපුගොඩ - තොටුපළ අසළ අනවසරයෙන් වැලි ගොඩ දමමින් සිටි පුද්ගලයන් පිරිසක් වැටලීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට සිදුවූ පහරදීමකින් පොලිස් නිලධාරීන් තුන් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඔවුන් මේ වන විට අවිස්සාවේල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. අද (01) උදෑසන මෙම වැටලීමට ගිය කොස්ගම පොලීසියේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ මෙම පිරිස ඔවුන්ට පහර දී රදවාගෙන සිට තිබෙනවා. පසුව වෙනත් පොලිස් කණ්ඩායමක් ගොස් මෙම පොලිස් නිලධාරීන් පිරිස මුදා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 7 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories