ඉන්දියාවේ හිටපු අගවිනිසුරුගේ ශ්‍රී ලංකා චාරිකාව නවතී.

Saturday, 02 February 2013 - 12:52

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%93.

හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක දෝෂාභියෝග ක්‍රියාවලියක් මගින් ඉවත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා ජාත්‍යන්තර නීතීඥ සංගමය විසින් මෙරටට එවීමට සැළසුම් කළ නියෝජිත පිරිසේ ඉන්දීය විනිසුරුවරයා ඉන් ඉවත්වී තිබෙනවා. ජාත්‍යන්තර නීතීඥ සංගමය මගින් නම් කළ එම සිව්පුද්ගල නියෝජිත කණ්ඩායමට ඇතුළත් ඉන්දියාවේ හිටපු අගවිනිසුරු ජේ.එස්. වර්මා මෙලෙස ඉන් ඉවත්වී ඇති බවයි හින්දු පුවත්පත අනාවරණය කළේ. තමා එම චාරිකාව අවලංගු කිරීමට තීරණය කළ බව විනිසුරු වර්මා හින්දු පුවත්පතට පවසා තිබෙනවා. එය වීසා බලපත් අවලංගු කිරීමේ ප්‍රශ්නයක් මත සිදුවූවක් නොවන බවයි ඔහු අවධාරණය කර ඇත්තේ.

 

හිටපු අගවිනිසුරුවරිය ඉවත් කිරීමේ දෝෂාභියෝග ක්‍රියාවලිය තුළින් යම් අසාධාරණයක් සිදුව ඇත්දැයි සොයාබැලීම ජාත්‍යන්තර නීතීඥ සංගම් නියෝජිත කණ්ඩායමේ අරමුණයි. ඊයේ දිනයේදී එම නියෝජිත කණ්ඩායම දිවයිනට පැමිණීමට නියමිතව තිබූ බව සඳහන්. එහෙත් හිටපු ඉන්දීය අගවිනිසුරු වර්මා නියෝජිත කණ්ඩායමෙන් ඉවත්වීම හේතුවෙන් ඔවුන්ගේ එම චාරිකාව අවිනිශ්චිත වී තිබෙනවා. ජාත්‍යන්තර නීතීඥ සංගමය මගින් විනිසුරු වර්මා සමග බ්‍රිතාන්‍ය සෙනෙට් මණ්ඩලයේ ඌෂා ප්‍රශාර්, ජාත්‍යන්තර නීතීඥ සංගම් මානව හිමිකම් ආයතනයේ නීතීඥ ෂේන් කීනන් සහ එම ආයතනයේම බැරිස්ටර්වරයෙකු වන සදකට් කඞ්රි ශ්‍රී ලංකාවට පැමිණෙන නියෝජිත කණ්ඩායම ලෙස නම් කර තිබුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories