ලංකාවට ආර්ථික සම්බාධක - තමිල්නාඩුවේ ආණ්ඩුකාර.

Saturday, 02 February 2013 - 13:10

%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B6%9A+-+%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB.

ශ්‍රී ලංකාවට එරෙහිව ආර්ථික සම්බාධක පැනවිය යුතු බව තමිල්නාඩුවේ ආණ්ඩුකාර කේ. රෝසයියා පවසනවා. තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ 2013 වසරේ සමාරම්භක සැසිය අමතමින් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාවේ උතුරුකරයේ යුද්ධයෙන් අවතැන්වූ දෙමළ ජනතාව ඔවුන් පදිංචිව සිටි නිවෙස්වල නැවත පදිංචිකරවන ලෙස ලක් රජයට බල කළයුතු බවයි. ශ්‍රී ලංකාවේ සිංහල ජනතාවට සමාන ගෞරවණීයත්වයක්, ආත්මාභිමානයක් සහ සමාන ව්‍යවස්ථාදායක අයිතියක් දෙමළ ජනතාවටද හිමිවිය යුතුයි. එම ඉලක්කය සපුරාලන තුරු ශ්‍රී ලංකාව වෙත ආර්ථික සම්බාධක පැනවිය යුතු බව තමිල්නාඩු ආණ්ඩුකාරවරයා කියා සිටියා. එවැනි යෝජනාවක් 2011 වසරේ ජූනි 8 වැනිදා තමිල්නාඩු ප්‍රාන්ත සභාව මගින් සම්මත කරගනු ලැබුවා. එය ක්‍රියාවට නැංවීම සඳහා අනෙකුත් රටවල් සමග එක්ව කටයුතු කළ යුතු යැයි තමිල්නාඩු ආණ්ඩුකාර කේ. රෝසයියා පවසා තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories