ඩග්ලස් දේවානන්දා මුහුදු උද්ඝෝෂණයකට සැරසේ.

Sunday, 03 February 2013 - 12:57

%E0%B6%A9%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%9D%E0%B7%9D%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A.


ඉන්දීය ධීවරයින්ගෙන් උතුරේ ශ්‍රී ලාංකික ධීවරයන්ට එල්ල වන බලපෑම්වලට විරෝධය පළ කරමින් මුහුදු උද්ඝෝෂණයක් සිදුකිරීමට තීරණය කළ බව අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පවසනවා. මේ මස අවසානයේ කච්චතිවු දූපතේ ශාන්ත අන්තෝනි දේවාස්ථානයේ පැවැත්වෙන දේව මෙහෙයෙදී ඉන්දීය ධීවරයන් මුණ ගැසී මේ පිළිබඳව සාකච්ඡා කිරීමට අමාත්‍යවරයා බලාපොරොත්තු වනවා. ඉන් විසඳුමක් නොලැබුණහොත් ස්ථිර වශයෙන්ම ශ්‍රී ලාංකික ධීවරයන් විශාල ප්‍රමාණයක් රැගෙන ගොස් දැවැන්ත මුහුදු උද්ඝෝෂණයක් පැවැත්වීමට තීරණය කර ඇති බවයි අමාත්‍ය ඩග්ලස් දේවානන්දා හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සඳහන් කළේ.

[MP3]s52653[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories