වීසා අහිමිවූ ජාත්‍යන්තර නීතීඥ සංගමය යළි ශ්‍රී ලංකාවට පැමිණීමේ බලාපොරොත්තුවක.

Sunday, 03 February 2013 - 18:58

%E0%B7%80%E0%B7%93%E0%B7%83%E0%B7%8F+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B7%96+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%93%E0%B6%A5+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%9A.

ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා සිය නියෝජිතයන්ට රජය විසින් යළි අවස්ථාවක් ලබාදෙනු ඇති බවට බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර නීතීඥ සංගමය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පවසන්නේ මීට පෙර සිය නියෝජිතයන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට අවස්ථාව ලබා නොදීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙතද දැනුම් දී ඇති බවයි.

ජාත්‍යන්තර නීතීඥ සංගමය මගින් නම් කළ සිව් පුද්ගල නියෝජිත කණ්ඩායමක් පසුගිය සිකුරාදා දිවයිනට පැමිණීමට නියමිතව තිබුණා. ඉන්දියාවේ හිටපු අගවිනිසුරු ජේ.එස්. වර්මා ඇතුළු නියෝජිත පිරිසකුයි මෙලෙස දිවයිනට පැමිණීමට නියමිතව තිබුණේ. ඉන්දියාවේ හිටපු අගවිනිසුරුවරයා තමා මෙම සංචාරයෙන් ඉවත්වන බව ප්‍රකාශ කර තිබුණා. එහෙත් එය වීසා බලපත් අවලංගු කිරීමේ ප්‍රශ්නයක් මත සිදුවූවක් නොවන බවයි ඔහු මීට පෙර හින්දු පුවත්පතට සඳහන් කර තිබුණේ.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන විදේශ අමාත්‍යාංශය පවසන්නේ ජාත්‍යන්තර නීතීඥ සංගමයේ නියෝජිතයන් පිරිස මෙරට සංචාරය කිරීමට හේතුවූ කරුණු පිළිබඳ මතුවූ පරස්පර විරෝධී භාවය හේතුවෙන් ඔවුන්ගේ වීසා අවලංගු කළ බවයි. මෙම පිරිස මෙරටට පැමිණීමට හේතු වශයෙන් දක්වා තිබුණේ පුහුණු සැසි, සම්මන්ත්‍රණ හා දේශන පැවැත්වීම වැනි කරුණුයි. එහෙත් පසුව අනාවරණය වුණේ මෙම පිරිස පැමිණෙන්නේ ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය සහ දෝෂාභියෝග ක්‍රියාවලිය සම්බන්ධයෙන් විශ්ලේෂණය කිරීමට බවයි.
 
මොවුන් ව්‍යාපාරික වීසාවලින් මෙරටට පැමිණියද රට තුළ රැඳී සිටිමින් රටේ ස්වෛරීභාවයට බලපෑමක් වන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් විශ්ලේෂණය කිරීමට නියමිත බව පසුව අනාවරණය වූ බවයි විදේශ අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. මේ හේතූන් ජාත්‍යන්තර නීතීඥ සංගමයේ නියෝජිතයන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට වීසා ලබා නොදීමට හේතුවූ බව සඳහන්. එමෙන්ම වීසා බලපත් අවලංගු කිරීමෙන් අනතුරුව මෙම නියෝජිතයන් විසින් ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන්ට තර්ජනාත්මකව ඇමතීමද විශේෂයෙන් අවධානය යොමුවිය යුතු කරුණක් බව විදේශ අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories