ඇමරිකාව සමග යහපත් සබඳතාවයකට ශ්‍රී ලංකාව බලාපොරොත්තුවෙන්.

Monday, 04 February 2013 - 7:26

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%BA%E0%B7%84%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B6%E0%B6%B3%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A.


ඇමරිකාව සමග සුහදව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව විදේශ අමාත්‍යාංශය පවසනවා. ඇමරිකානු නව රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ට සුබ පැතුම් පණිවිඩයක් යොමු කරමින් විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා රජය ඇමරිකාව සමග පවතින රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ඉදිරි කාලසීමාව තුළ තවදුරටත් වර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවයි. ඒ සඳහා නව ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගෙන් ප්‍රබල සහයෝගයක් ලැබෙනු ඇති බවට විශ්වාස කරන බවද විදේශ අමාත්‍යවරයා යොමුකළ සුබපැතුම් පණිවිඩයේ සඳහන්. ඇමරිකානු සෙනෙට් මණ්ඩලයේ විදේශ සම්බන්ධතා පිළිබඳ කමිටුවේ සභාපතිත්වය දරන්නේද නව ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී විසින්. ඒ අනුව ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී සතුව පවතින රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පිළිබඳ පළපුරුද්ද සහ දැනුම දෙරට අතර ඉදිරි සම්බන්ධතාවලදී අතිශය වැදගත් වනු ඇති බවද විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස්  සිය සුබපැතුම් පණිවිඩයෙන් තවදුරටත් පෙන්වා දී තිබෙනවා.
 
ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ධුරයෙන් විශ්‍රාම යාමෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහායි ඇමරිකානු ජනාධිපති බැරැක් ඔමාබා, ජෝන් කෙරී එම තනතුරට පත්කරනු ලැබුවේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories