නිදහස සැබෑ ලෙස අර්ථවත් කළ හැකි මගකට ජාතිය අවතීර්ණ වෙයි. ජනපති.

Monday, 04 February 2013 - 7:42

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83+%E0%B7%83%E0%B7%90%E0%B6%B6%E0%B7%91+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92+%E0%B6%B8%E0%B6%9C%E0%B6%9A%E0%B6%A7+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.


ජාතියේ සෛවරීභාවය වෙනුවෙන් අප්‍රමාණ කැපකිරීම් කළ ශ්‍රී ලංකාවාසී අපි සැම 65 වන ජාතික දිනය සමරන්නේ මහත් අභිමානයෙන් යුතුව බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. නිදහස් දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ නිදහස සැබෑ ලෙසම අර්ථවත් කළ හැකි සංවර්ධන මගකට ජාතිය අවතීර්ණ වී ඇති බවයි. අනාගත දරු පරපුරට බියෙන් සැකෙන් තොරව සිතීමේ අවස්ථාව අද උදාවී ඇති බවද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ අතර අග්‍රාමාත්‍ය දි.මු ජයරත්නද නිදහස් දින වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ 65 වන නිදහස් දිනය ලක්වැසි අප සැමගේ සිත් සතන් පුබුදු කරවන ඉතා වාසනාවන්ත දිනයක් බවයි.

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහද 65 වන නිදහස් සමරුව වෙනුවෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සිය නිවේදනයෙන් විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ මීට වසර 65 කට පෙර මෙරටට නිදහස දිනා දුන්නේ එක්සත් ජාතික පක්ෂය බවයි. දේශීය වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් ඒ නිදහස ආරක්ෂා කරගැනීම රට වැසියන්ට පමණක් නොව පාලකයන්ටද පැවරෙන වගකීමක් බවයි විපක්ෂ නායකවරයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories