එ.ජා.ප. නියෝජ්‍ය නායකයා පත් කිරීම යළිත් කල් යන ලකුණු.

Monday, 04 February 2013 - 12:40

%E0%B6%91.%E0%B6%A2%E0%B7%8F.%E0%B6%B4.+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94.


එක්සත් ජාතික පක්ෂයට නියෝජ්‍ය නායකවරයෙකු පත්කරගැනීම තවදුරටත් කල්යනු ඇති බව එම පක්ෂයේ ආරංචි මාර්ග පවසනවා. මීළඟ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී හිටපු නියොජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස එම තනතුරට පත්කිරීම සම්බන්ධයෙන් අදහස් හුවමාරු වුවත් එය යළිත් කල්යනු ඇති බවයි වාර්තාවන්නේ. පසුගියදා එක්සත් ජාතික පක්ෂය මගින් ක්‍රියාත්මක කල සාමාජික ප්‍රවර්ධන වැඩසටහන අතරතුර සජිත් ප්‍රේමදාස මන්ත්‍රිවරයා සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි සැළකිල්ලට ගෙන පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් මෙම තීරණය ගෙන ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කළා.  පක්ෂයේ ජේ්‍යෂ්ඨයන් සජිත් ප්‍රේමදාස මන්ත්‍රිවරයාගේ ඇතැම් ප්‍රකාශ සම්බන්ධයෙන් එහිදී විරෝධය පළ කර තිබෙනවා.
 
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නව නියෝජ්‍ය නායකවරයා ලෙස හිටපු සභාපති රුක්මන් සේනානායක පත්කරගැනීම සම්බන්ධයෙන් වන සාකච්ඡා මේ දිනවල පැවැත්වෙන බවද පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා. පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් කිහිපදෙනෙකු රුක්මන් සේනානායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සමග මේ පිළිබඳව සාකච්ඡා පවත්වමින් සිටින බවයි වාර්තාවන්නේ. අවසන් වරට පසුගිය 21 වැනිදා පැවති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී 2013 වසරට අදාළව නව තනතුරු කිහිපයක් පත් කෙරුණා. එහිදී පක්ෂයේ උප නායක ධුරයට ජෝසප් මයිකල් පෙරේරා මන්ත්‍රිවරයාද, ජාතික සංවිධායක ධුරය සඳහා දයා ගමගේ මන්ත්‍රිවරයාද පත් කෙරුණා. එහිදී තීරණය වුණේ මීළඟ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී නියෝජ්‍ය නායක ධුරයට පුද්ගලයෙකු පත් කරගැනීමටයි. ඒ අනුවයි සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා ලබන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පක්ෂයේ නියෝජ්‍ය නායකවරයා ලෙස නම් කිරීමට නියමිතව තිබුණේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories