විදේශීය මුදල් නෝට්ටු රහසිගතව රටින් පිට කිරීමේ ජාවාරමක තොරතුරු අද (05) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් වාර්තා වුණා. ඒ, රුපියල් ලක්ෂ 120කට වඩා වටිනා විදේශීය මුදල් නෝට්ටු තොගයක් රහසිගතව විදේශ රටක් වෙත රැගෙන යාමට උත්සාහ කිරීමේ දී ගුවන් තොටුපළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමත් සමගයි. අලූයම 1.05ට සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයක අසුන්ගෙන සිටි මගියෙකුගේ භාණ්ඩ ඇසුරුම් කුටීරයේ තිබී මෙම මුදල් තොගය හමුවී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් අදාළ මගියා අත්අඩංගුවට ගෙන මේ වන විට රේගු නිලධාරීන් විසින් ප්‍රශ්න කරන බවයි වාර්තා වන්නේ. ඔහු අවස්ථා 20කට වැඩි ප්‍රමාණයක් විදෙස් ගමන්වල යෙදී ඇති අතර, හම්බන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අත්අඩංගුවට ගත් විදේශ මුදල් තොගයට ස්ටර්ලින් පවුම්, යුරෝ, ඇමරිකානු ඩොලර් ඇතුළු රටවල් රැසක මුදල් නෝට්ටු ඇතුළත් වුණා. මේ වන විට මෙම විදේශ මුදල් ජාවාරම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ද සහාය ලබාගෙන ඇති බවයි ගුවන් තොටුපළ රේගු ප්‍රකාශක ලෙස්ලි ගාමිණී හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ. කෙසේ වුවත් මෙම මුදල් තොගය ගුවන් යානා තුළට රැගෙන ආ ආකාරය සම්බන්ධයෙන් ද විශේෂ පරීක්ෂණයක් පැවැත්වෙනවා. කිසිදු බාධාවකින් තොරව පාර්සලයක් ගුවන්යානය තුළට පැමිණීම කෙරෙහි ගුවන් තොටුපළ ආරක්ෂක අංශ බලධාරීන්ගේ ද අවධානය යොමු වී ඇති බව සඳහන්. මේ සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති අංශය වෙත අදහස් දැක්වූ ගුවන් තොටුපළ රේගු ප්‍රකාශක ලෙස්ලි ගාමිණී.
[MP3]s52781[/MP3]
Follow US
Most Viewed Stories