ශ්‍රී ලාංකිකයන් ආපසු හැරවීම ගැන ඕස්ට්‍රේලියාවට චෝදනා.

Tuesday, 05 February 2013 - 12:54

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1++%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F.


බෝට්ටු මාර්ගයෙන් පැමිණෙන නීති විරෝධී ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන්  ඕස්ට්‍රේලියානු නාවික හමුදාව යොදා නැවත හරවා යැවීමේ සැලැස්මට එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසම විරෝධය පළ කර තිබෙනවා. මෙම සැලසුම ඉදිරිපත් කර ඇත්තේ  ඕස්ට්‍රේලියානු විපක්ෂ සංක්‍රමණික ප්‍රකාශක ස්කොට් මොරිසන් විසින්. එමෙන්ම පසුගිය දා ශ්‍රී ලංකාවේ සංචාරක නිරත වූ ලිබරල් පක්ෂයේ නියෝජ්‍ය නායිකා ජූලි බිෂොප් කියා සිටියේ යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවේ තත්ත්වය දැන් යහපත් අතට හැරෙමින් පවතින බවයි. මේ නිසා නීති විරෝධී සංක්‍රමණිකයන් ආපසු හරවා යැවීමේ නීතිමය ගැටළුවක් පැන නොනගින බව ද ඇය ප්‍රකාශ කළා.

කෙසේ නමුත්  ඕස්ට්‍රේලියානු මුහුදු තීරයට පිවිසෙන සංක්‍රමණිකයන් පරීක්ෂාවකින් තොරව හරවා යැවීම සරණාගත සම්මුතීන් සහ ජාත්‍යන්තර නීතියට පටහැනි බව ජගත් සරණාගත කොමිසම පෙන්වා දෙනවා.  ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර නාවික නීතිය පිළිබද විශේෂඥ ඩොන් රොත්වෙල් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව සමග ද්වි පාර්ශවික එකඟතාවයට පැමිණියහොත් ජාත්‍යන්තර සංක්‍රමණික සම්මුතියට පටහැනි නොවන ලෙස නීති විරෝධී සංක්‍රමණිකයින් පිටුවහල් කළ හැකි බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories